අමතන්න
: 0714 007 494
: 0115 647 564
: Iranamalanka

විශේෂ ලිපි

                                            තව කියවන්න..........

හඳහන පිළිබඳව පිළිස‍ඳරක් ( 1  ) 

      ජෝතිෂ්‍ය විෂයෙහි දැවැන්තයින් මෙන්ම ආධුනික මට්ටමේ බොහෝ අයද දන්නා නොදන්නා බොහෝ පාඨකයින්ද සම්පත පත්‍රය සමග දීර්ඝකාලීනව බැදී සිටින බව අපි දනිමු . ජෝතිෂ්‍ය විෂයෙහි මෙන්ම පාඨකයින්ගේද යහපත තකා සම්පත මගින් ඉටු කරනු ලබන අනභිබවනීය වූ මේ සේවා දායකත්වය ඩතා අගය කළ යුතුය. සාමාන්‍ය ජෝතිෂ්‍ය පත්‍රයකට වඩා තම යුතකම හා වගකීම මැනවින් දැනුම් තේරැම් ගත් සම්පත කාර්යය මණ්ඩලය දිර්ඝ කාලයක් පුරාවට ඉටු කරනු ලබන මේ සමාජ මෙහෙවරට දායක වෙමින් සියළු දෙනාගේ යහපත තකා අර්තවත් පිළිසඳරක් ඇරඹීමට අදමස් කළේ ‍මේ ශාස්ත්‍රය මතු පරපුරට ගෙනයාමෙදී ඇතිවන අඩුපාඩු කම් හඳුනා ගැනීමට හා ඒවා මග හරවා ගැනීම සඳහාය.

ආධුනිකයින්ට

       පොත පත කියවීමෙන්ද පන්ති වලට සහභාගි වීමෙන්ද ආකාර විවිධ පන්නයේ ජෝතිෂ්‍ය ආධුනිකයින් අප අතර සිටිති. ජීවිත කාලයක් පුරාවට ඉමහත් වූ පරිශ්‍රමයකින් උගත යුතු බොහෝ දේවල් තිබියදී ආධුනික මට්ටමේ කෙනෙකු ජෝතිෂ්‍ය විෂය තුලින් නැගී සිටින්නේ කෙසේද? මහන්සිය නොබලා අතට හසුවන සෑම දෙයක්ම කියවා කියවා ඒවා විවේකය ඇති හැම මොහොතකම සිත තුල නැවත නැවත ස්මරණය කිරීමෙන් දුර්වල මානසික මට්ටම් බොහෝ දුරට නගා සිටු විය හැකි බව මෙහිදී පලමුවෙන්ම වටහා ගත යුතුය. ජිවිතයේ තමන් හා බැඳුණු මොන ප්‍රශ්ණ තිබුණත් තමන් කියවා දැන උගත් දේ යළි යළිත් සිතේ දැහැන් ගත වීමට ඉඩකඩ සැලැස්වීමෙන් ඉතා අපූරු ආශ්වාදයක් ඒ තුලින් ලබා ගත හැකිය. එපමණක්ම නොවේ ඒ තුලින් අපට නොදැනුවත්ම අපූරු බලයක් හා විශ්මිත ශක්තියක්ද සිත තුල නිර්මාණය වේ .

       පොතපත - ලිපි කියවීමේදී ඊට ආවේණික වූ භාෂා ශෛලීන්ගේ විචිත්‍රත්වයන්ද අත් විදිමින් ඒවා කියවීමට පෙළඹිය යුතුය. හරි හෝ වැරදි හෝ දෙයාකාරයෙන්ම තම සිතෙහි ධාරණය වීමට සැලැස්වීමෙන් හරි දේ කුමක්ද?යන්න තෝරා බේරා ගැනීමට සිත විසින් අවශ්‍ය ශක්තිය ලබා දෙනු ඇත. ගැඹුරු දෙයක් ඉගෙනීමේදී ගුරුවරයෙකුගේ සහය තමන් ආසන්නයේ නොමැති වූ විට තම සිතට ගුරුවරයා වීමට සැලැස්වීම ඉතා සැලසුම් සහගත ක්‍රියාවලියක් ලෙස හඳුනා ගත යුතුය.

සිත කුමක්ද?

       මිටක් තරම් පොඩි මොළයක් තුල ලොවක් තරම් මහා විශාල ශක්තියක් තැන්පත් කල හැකි බවට මනෝ විද්‍යාඥයින් ප්‍රකාශ කරති. ඊට අයත් වූ අයෝමය ශක්තිය දැනුම වැපිරීමෙන් විනා වෙනත් ආකාරයකින් ලබා ගත නොහැකි වේ. වැඩි වැඩියෙන් පත පොත කියවීම - නිරහංකාරව සවන් දීම සිතට විෂයෙන් ඉවත් වීමට ඉඩකඩ නොදීම - සවි ගැන්වීම යන කරුණු කාරණා මෙහිදී වඩාත් වැදගත් වේ.

      සිත යනු සිහියට නගා ගනීමේ හැකියාව වේ. අතීතයෙහි උගත් දෙයක් නැවත ස්මරණය කර ගැනීමට හැකියාව පැවතීම සිතේ බලයයි. ඒ බලය උගත්කම නම් වේ. එකම දෙයක් ගැන මත දෙකක් ඉදිරිපත් වූ විට එයින් හරි දේ කුමක්ද කියා තේරුම් ගැනීමට කාලය විසින් සිතට ශක්තිය ලබා දේ. ඒ නිසා හරි වැරදි ආධුනික සිත තුල රෝපණය වීමට සලස්වා පසුව වැරැද්ද ඉවත් කර දැමීමට අවකාශ සලසා ගැනීමට ආධුනිකයින් විසින් පියවර ගත යුතුය.

උදාහරණයක්

   ශනි ග්‍රහයා ලග්න ගතව සිටීමෙන් තැන් තැන්වල ඇවිද්දවයි . දිලින්දෙකු වේ. අලසයෙකු වේ. යනුවෙන් එක්තරා පැරණි පොතක සඳහන් වී තිබුණ දෙයක් මා කියවා ඇත්තේ මීට වසර 40 කට පමණ පෙරදීය. මේ කියමන මගේ ජීව්තයට කා වැදී තිබුණේ පුදුමාකාර ලෙසටය. මගේ කේන්ද්‍රයෙහි ශනි ග්‍රහයා ලග්නයේ සිටීම නිසා ඒ තුලින් මා තුල ඇති කල කම්පනය මගේ තරුණ ජීවිතයට ඉමහත් වූ තෙරපීමක් සිදු කළේය.

     ඒ තුලින් මට අවශ්‍ය වුයේ මා දිළින්දෙකු වන්නේ කෙසේද? යන්න විපරම් කර බැලීමටය. මීට පිළිතුරු  තවත් තැන් වල සැගවී ඇති බවට මා විශ්වාස කෙලෙමි.ශනි ග්‍රහයා දිළින්දෙකි යන ආකල්පය ජෝතිෂ්‍ය‍යෙහි පැවති එක්තරා මතයකි. ඒ මතය ස්ථාවරයක් නොවේ. ශනි ග්‍රහයා ගැන බොහෝ දේවල් හදෑරිමට මා යොමු කළේ මේ පරපතල පීඩනය  ඉවසා දරා ගැනීමට මට ශක්තියක් අවශ්‍ය වූ නිසාය.

     ජෝතිෂ්‍ය පට්ටපල් බොරුවක් ලෙසට කරුණු ඉදිරිපත් කරමින් ඒ කාලය තුල එක්තරා මනෝ විද්‍යාත්මක සගරාවක් විසින් ඉදිරිපත් කරන ලද වැඩසටහනක් නැරඹීම‍ටද මා පෙළඹ විය.බොහෝ දුරට ඒ පිළිබඳවද පොත පත කියවමින් හා ඔවුන්ගේ දේශන වලට සහභාගි වෙමින්ද මට හරවත් වූ තීන්දුවක් ලබා ගැනීමට අපහසු විය. ඔවුන් කථා කළේ ජෝතිෂ්‍ය තුලම මිනිස් සිත කොටු වීමෙන් සිදු වන පරිහානිය දුරු කර ගැනීමට තමන් විසින් සිත පිළිසකර කර ගැනීමේ කියා පිළිවෙතකි. ඔවුන් ජෝතිෂ්‍ය විෂය හෙලා දැකීමට ඉදිරිපත් කරනු ලැබූ කරැණු කාරණා වලට මගේ සිත එකග වූයේ නැත. එම ශාස්ත්‍රයෙහි පිළිසරණ ලැබූ බොහෝ දෙනෙකු පිළිබඳව මා හොඳින් දන්නා බැවින් හා ඔවුන් ජෝතිෂ්‍යය විෂය පිළිබඳව නොදන්නාවුන් සේ ප්‍රකට වූ බැවින් මගේ එම පරිශ්‍රමය අතහැර දැමීමට සිදු විය.

      වරක් එක්තරා වයෝවෘද්ධ ජෝතිෂය වේදියෙකු මා කුඩා කාලයේදී මට ඇවිද්න්නට බැරිවන රෝගයක් හට ගන්නා බවට මගේ මෑණියන්ට පවසා තිබිණ. ඇය බොහෝ වාරයක් පවසා ඇති ඒ අනාවැකිය මා වයස අවුරුදු 6 -7 සීමාවේදී ඉකිලි ප්‍රදේශයේ මුහුණු තුනකින් යුක්ත ගෙඩියක් හට ගෙන සැබෑවකට පත් වී තිබිණ. මෙබන්ද්දක් ජෝතිෂ්‍ය තුලින් අනාවරණය කළ හැකි නම් මනෝවිද්‍යාඥයින් ජෝතිෂ්‍ය මිත්‍යාවක් බවට බැහැර කල යුත්තේ කෙසේද? මේ තර්කයන් හා සමග තවත් බොහෝ දේ මගේ සිත තුල බැඳී තිබුණ බැවින් යළිත් ජෝතිෂ‍යෙහි ගැඹුරු තැන් වල කිදා බැසීමට මට අවශ්‍ය විය.

 

කොටු 12 සහ නවග්‍රහයින්

 

      තේරුම් ගැනීමට අපහසු අක්‍රමවත් වූ කොටු 12 ක් තුල ආරෝපණය කර ගත් ග්‍රහයින් 9 දෙනෙකු පිහිටුවාගෙන මගේ සමීපතම ඥාතියෙකු විසින් ගණනය කරන ලද පත්‍රිකා සමුහයක් ගෙන මා ඒ තුලින් ද යමක් ඉගෙනීමට උත්සාහ කළෙමි. උඩ යට තේරුම් ගත නොහැකි වූ ඒවායින් මට මාවතක් පෑදුනේ නැත. මම ඥාතියා සමග  නිතරම බොහෝ දේවල් ගැන කථා කිරීමට උත්සාහ කළෙමි. වචන දෙක තුනකින් කථාව අහවර කර දමන ඔහුගේ ඒ වචන දෙක තුන තුල පවතින මහා දැනුම් සම්භාරය පිළිබඳව මා අද දවසේද පුදුම වන්නෙමි.

සමාජවාදය ගැන

     ඒ කාල සීමාව තුල ජේ . වී . පී දේශපාලනය දෝරේ ගලා යන තරමට ආන්දෝලනයකට තුඩු දී තිබිණ. මා ඥාතියා සමග කථා බස් කරමින් ඒ ගැන ඔහුගෙන් අසා සිටියේ මේ සමාජය තුල සියලු දෙනාටම එක හා සමානව ජිවත් වීමට ඉඩකඩ ලබාදීම ඉතා වටිනා දෙයක් ලෙසට කරුණු ඉදිරිපත් කරමිනි.

      ඒ මාමණ්ඩිය යාන්තමට සිනාසුනු බැවින් එයින් මා අදහස් කළේ ඔහු පරාජය පිළිගත් බවටය. ඔහු එහිදී පවසා සිටියේ මෙබන්දකි. රවි කියන්නේ රජ්ජුරුවෝ පියා - සඳු කියන්නේ මව - කුජ කියන්නේ සෙන්පතියෙක් - බුධ කියන්නේ පඬිවරයෙක් මේ ආකාරයට කියවා ගෙන ගොස් සෙනසුරු කියන්නේ දිළින්දෙක් - මහල්ලෙක් - රෝගියෙක් ඉදින් මේ පිළිවෙළට බෙදී ගියහම හැමෝම එක සමාන වන්නේ කොහොමද? පින් කියල එක දෙයක් තියෙනවා. පව් කියල තවත් දෙයක් තියෙනවා ඒ දෙක එක සමාන වන්නේ කොහොමද?

      අභාවප්‍රාප්ත වූ ඒ පියාණන් විසින් මාගේ සිත තුලට ආරෝපණය කරනු ලැබූ ඒ බීජාංකුරය දැවැන්ත වෘක්ෂයක් බවට පත් වුයේ තවත් කාලයක් ගත වීමෙන් අනතුරුවය. ඔය කියන පින්  පව් දෙකට මිනිස් ජිවිතය හා  සක්‍රිය වන්නේ කෙසෙ‍්ද? ඒවාට පිළිතුරු සපයා ගන්නා‍ විට මා විශේෂ ජෝතිෂ්‍ය වේදියෙකු වී සිටි බවට මට තේරුම් ගියේය.

ධනපතියෙකුගේ මැසිවිල්ලක්

      සමාජයේ ඉතා ප්‍රකට වු චරිතයක් හිමි එතුමා පුළුල් නායකයෙකි. දෙස් විදෙස් හි බොහෝ දේවල් ඇති එතුමා මීට බොහෝ කාලයකට පෙර මා සමග කීවේ මෙබන්ඳකි. මගේ නම් ඔය හඳහන ගැන අබමල් රේණුවකවත් විශ්වාසයක් නැහැ. ඒත් මගේ දරුවන්‍ගේ හඳහන් ගැන අම්මා දක්වන්නේ පුදුම උනන්දුවක් යැයි විස්තර කළේය. හඳහන ගැන කළකිරීමෙන් කථා කිරීමට යම් හේතුවක් තිබේදැයි මම එතුමාගෙන් අසා සිටියෙමි. එතුමා කීවේ මෙබන්ඳකි. මගේ ඔළුවේ සෙනසුරුලු. හතේ කවුරුත් නැතිලු වයස අවුරුදු 23 දී සෙනසුරු ලැබුවහම හිගන්නෙක් වෙලා අවිදීමට පටන් ගනී කියලා පවසා තිබුණා. නමුත් සිදු වූ දේවල් ඇබින්දක්වත් මට සම්බන්ධ වී තිබුණේ නැහැ. යනුවෙන් ඔහු හාස්‍යයෙන් යුතුව කරුණු ඉදිරිපත් කළේය.

     1944 වසරේ උපත ලබා තිබූ එතුමාගේ කේන්ද්‍රයේ සම්මත කාලය නිදොස් නොකර සාවද්‍ය ලෙස සකස් කොට තිබූ බැවින් මහා දැවැන්තයෙකුගේ ජීවිත කතාවද සාවද්‍යතාවෙන් යුතුව ඉදිරිපත් කොට තිබිණ. මෙබඳු අපරික්ෂාකාරීත්වයන් මේ විෂයෙහි බරපතල පරිහානියට හේතු වේ. තමන් වෙත ඉදරිපත් කරන ලද හඳහන 100%ක්ම නිවැරදිදැයි තේරුම් ගෙන ඊට අවශ්‍ය විස්තර පරිශිලනය කිරීමෙන් මෙබඳු උවදුරු මග හරවා ගැනීම ඥාණවන්තයින්ගේ කියා පිළිවෙතකි.

 

 

 

140 /10                                                                කොත්මලේ සෙනෙවිරත්න

ඇඹරළුව ( උතුර )

වැලිවේරිය,                                                                                                             තව කියවන්න..........

2014 -07 -17

 

 

 

‹ පෙර 1 2 3 4 5 6 7 8 පසු ›