අමතන්න
: 0714 007 494
: 0115 647 564
: Iranamalanka

විශේෂ ලිපි

හඳහන පිළිබඳ පිළිසඳරක් ( 8 )


ප්‍රත්‍යක්ෂතා ඥාණය වඩවා ගැනීම

     හඳහනක් සෑදීම ඉතා සරල ගණිතමය ක්‍රියාවලියකි. ගණන් ශාස්ත්‍රය දන්නා කෙනෙකුට නම් විනාඩි 7 - 8 කින් හඳහනක මූලික ක්‍රියාවලිය අවසන් කළ හැකි වේ. අළුතින් මේ ක්ෂේත්‍රයට පිවිසෙන ආධුනිකයෙකුට නම් පංති කාමරයක් තුලදී දින දෙකකින් හෝ තුනකින් මේ පිළිබඳව යම් සතුටු දායක ප්‍රගතියක් ලැබිය හැකි වේ. හඳහනක් සාදා ගැනීමේ ක්‍රියාවලිය සම්පුර්ණයෙන්ම ඉගෙන ගැනීමට නම් සතියකටත් වඩා‍ අඩු කාලයක් ගත කිරීමට සිදු වේ. එසේ නම් ජෝතිෂයය විෂය සඳහා වෘත්තිය මට්ටමින් ඉදිරිපත් වන්නන් බහුලව දක්නට නොලැබෙන්නේ ඇයිද යන කාරණාව අප මෙහිදී සලකා බැලිය යුතුය.

      පාසල් පන්ති කාමරයක් තුලදී දූ දරුවන්ට කුඩා කාලයේ පටන්ම අසන දකින අත් විඳින හෝ අත පොත් තැබීමෙන් පසු මවි පියන් අසල් වාසීන් අතර පවතින හෝ කිසිම දෙයක් මේ විෂය ධාරාව තුල දක්නට නැත. ලග්නය - නැකත හෝරාව-  ග්‍රහයා - තිථිය - කර්ණය ආදී වශයෙන් ජෝතිෂ්‍යයේ භාවිත වවන සෑම එකක්ම ගුප්තමය බවක් විදහා දක්වන බැවින් මේ විෂය ඕනෑම කෙනෙකුගේ මනසට ගලා ඒමට මුලදී දක්වන්නේ ඉතා මන්දගාමී ස්වභාවයකි. නොකැමැත්තකි.

      අපේ පංචේන්ද්‍රයන් හා සම්බන්ධ වූ සෑම සියළු දෙයක්ම ජෝතිෂ්‍යය ශාස්ත්‍රයෙහි මුලිකම හරය වේ. මහපොළව - ජලය - ගින්දර - වායුව - අහස යන ප්‍රධාන මුලාශ්‍ර 5 තුල පවතින සියළු භෞතිකමය සංසරණ ක්‍රියාවලිය හා අතීත - වර්තමාන හා අනාගතයට සමබන්ධ වූ මේවායේ බලපෑම්හි ගණිතමය ක්‍රමවේදයන් සියල්ලද වශයෙන් මහා දැනුම් සම්භාරයක් මේ විෂය තුල ඉගැන්වේ.

     හෝරා ස්කන්ධ හා සංහිතා වශයන් මෙය ඉතා පුළුල් වූ විෂය ධාරාවක් වශයෙන් ‍කොටස් තුනකින් සමන් විත වේ. මේ සියල්ල ඉගෙන ගැනීම සඳහා පුද්ග‍ලයෙකුට තමන්ගේ ජීවත් වන කාලය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව මෙහිදී ඉඳුරාම පැවසිය යුතුය.

      නමුත් වර්තමානයෙහි මාස 6 - 12 හෝ දෑ අවුරුදු ආදී වශයෙන් ඉගැන් වීම් කාලය ඉතා ලඝු කොට වෙන්කර දක්වා ඊට උපාධි මට්ටම් පවා හඳුන්වා දීමේ ක්‍රම භාවිතය. ආහාර වට්ටෝරුවක් සාදා සකස් කර ගන්නා අකාරයට ජෝතිෂ්‍යය වේදීන් බිහි කිරීමේ නව ක්‍රමවේදයන් හරහා ‍මේ විෂය ධාරාව මතු අල්පේච්ඡයින්ගේ පෝෂණ වේදයක් බවට පත් වීමේ ඉතා අවාසනාවන්ත තත්වයක් දැනටමත් බිහි වී ඇති බව පෙනේ.

     ජෝතිෂය විෂයට පමණක්ම නොවේ ඕනෑම විෂය ක්ෂේත්‍රයක් සඳහා ආධුනිකයින් සිටිය යුතුමය. ඔවුන් ශිෂ්‍යය ප්‍රජාව වශයන් සැලකේ. නමුත් ඔවුන් සඳහා ඉගැනවීමේ පහසුකම් කිසිවක් ලොව දක්නට නැත. සතියකට වරක් දෙවරක් පැයක් දෙකක් පමණ උගන්වා මේ විෂය සඳහා වෘත්තීය වේදියෙකු බවට පත් වීමටනම් කොපමණ කාලයක් ගත‍වේද යන්න සිතා ගැනීමට පවා අපහසු ගැටළුවකි.

      අභාවප්‍රාප්ත වූ ප්‍රවීන ගත් කතුවරයෙකු වන රොහාන් සිසිර කුමාර ශූරීන් ලවා මගේ නිර්මාණ කෘතියකට පෙර වදනක් ලියවා ගැනීමේ අවශ්‍යතාවකට මී‍ට දස වසරකට පමණ පෙර එතුමාගේ තලවතුගොඩ පිහිටි නිවසට ගිය අවස්ථාවක් මෙහිදී මට සිහිපත් වේ. මා ‍එහි යන විට උදෑසන 7 ට පමණ වූ අතර ඒ වන විට එතුමා කාර්යාලයට පැමිණ සිටියේ නැත. ඒ නිසා එහි සිටි මහත්මයෙකු මට වාඩි වී සිටින ලෙස  දැනුම් දුන් අතර ඒ ස්ථානය පන්ති කාමරයක් විය.

      එම පන්ති කාමරයෙහිදී එක් පසෙක කිහිප දෙනෙකු අල්ලාපසල්ලාපයෙහි සිටින බවක් දක්නට විය. ඔවුන් සියළු දෙනාම පාහේ වයස අවුරුදු 40 පමණ ඉක්ම වූ වියපත් අය වූ අතර ඔවුන්ගේ කතා  බහෙන් තේරුම් ‍ගියේ ඔවුන් පිට පළාත් වල සිට මෙහි සති අන්තයේදී පැවැත්වේන ජෝතිෂයය පන්තියට සහභාගි වීමට පැමිණි අය බවකි.

       තරමක වෙහෙසකර බවක්ද ඔවුන්ගෙන් විද්‍යාමාන විය. ඔවුන් කථා බස් කරමින් සිටියේ ජෝතිෂ්‍ය විෂය ගැනය. වරින් වර එක් එක්කෙනා ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරමින් ඒ අවස්ථාව විවාදාපන්න අකාරයට කරුණු ඉදිරිපත් විය. එ ලග ලගම එලඹෙමින් තිබූ එක්තරා නිවාස ඉදිකිරිමේ නැකතක් පිළබඳව ඔවුන් කරුණු සාකච්ඡා කරමින් සිටියහ.

       ඔවුන්ගේ කථා බහ තුල වැඩියෙන්ම ඉස්මතු වී තිබුණේ හෝරාව පිළිබඳවය. ගුරු හෝරාව ගුරුගේ පංචම කාලය ගුරුගේ සූක්ෂම හොරාව ආදී වශයෙන් ඔවුන් කථා බස් කළ දේවල් අතර හොරාවෙන් ඔබ්බට ගිය කාරණා තිබුණේ ඉතා අතලොස්සකි. ඇත්ත වශයෙන්ම නිවාස නැකතක් සාදා ගැනීමට හෝරා සංයුතිය යොදා ගැනීමේ අවශ්‍යතාව සීයයට එකකටත් වඩා අඩු වැදගත් කමක් ඇති දෙයකි. ඔවුන් මේ හෝරාව ගැනම කථාබස් කළේ ශාස්ත්‍රිය ගවේශණයන්ගෙන් තොර අධ්‍යාපන මට්ටමක් නිසා වේ .

       මේ පිළිබඳව ලියැවුණු පොත පත අප්‍රමාණය. දැන ගත යුතු උගත යුතු පරික්ෂා කළ යුතු කරුණු කාරණා බොහෝය. ජෝතිෂ්‍යයෙහි හෝරාවක වැදගත්කම සහස්‍රයක් බව ඇතැම් ගුරු උපදේශ වල හුවා දැක්වේ. නමුත් සහස්‍රය වුවද දශමයක් තරම් ඉතා කුඩා ඒකකයක් වන තරමට ඊට වඩා වැදගත් සිද්ධාන්ත රාශියක් මීට වඩා මූලික ‍කොට ගත යුතුය. පන්ති කාමරයක් තුල ඉගෙන ගනු ලබන පැය හෝ දෙක හෝ කිහිපයට වඩා පොත පත හා ගවේශණ ක්‍රම මගින් බොහෝ දේවල් ඉගෙන ගතයුතුය. ගුරුවරයා විසින් උගන් වනු ලබන එක වගන්තියක් තුල මහා මෙරක් තරම් කරුණු කරණා තිබිය හැකිය. මෙම තත්වය පිළිබඳව සිතා බලා ආධුනික මට්ටමේ සෑම කෙනෙක්ම තමන් උගත් දෙය ප්‍රත්‍යක්ෂතා ඥාණයෙන් තහවුරු කර ගන්නා තුරු සාර්ථක ශිල්පියෙකු නොවන බවට අවධාරණය කර ගත යුතුය.

       බාල මහළු වූ කොයි කාලගත් නොමැති තරමට අඩුවක්ව පවතින මේ ප්‍රත්‍යක්ෂතා ඥාණය කුමක්ද? තමන් ජීවිත කාලයක් පුරාවට දැන උගත් දේවල් යළි යළිත් විෂය සංස්කරණය උදෙසා පෙළගස්වා ගැනීමේ මනෝ විද්‍යාත්මක ක්‍රමවේදයන් මීට භාවිතය.නිවසක් සාදා ගැනීමට නැකතක් සකස් කර ගැනීම ඉගෙනීම උදෙසා නම් තමන් කුඩා කලයේදීම මේසන් මාමා සමග කථා බස් කළ ඇතැම් වචන වල පවා ගුරු උපදේශ පැවතිය හැකිය. මේවා යළිත් ස්මරණය කරමින් විෂය පෙළ ගස්වා ගැනීමට මනස යොමු කරවන ක්‍රියාදාමයක් මීට ඇතුලත් වේ. මේ වූ කලී භාවනා ක්‍රියාදාමයකි. පො‍තේ පිටු අතරින් ඈතට පියාසර කරමින් මෙකි ප්‍රත්‍යක්ෂතා ඥාණය ප්‍රගුණ කිරීමට ඥාණවන්ත අය කටයුතු කරති.

        එක වී ඇටයක් හාල් මල්ලක් බවට පත් වේ. ස්වභාව ධර්මයේ මේ අසිරිමත් ක්‍රියාවලිය ඔබේ මනසටද අතුලත් කර ගන්න. ඔබ දැන උගත් එක වගන්තියක් සිත ඇතුලත වැඩෙන්න සලස්වන්න. අතු ඉති කොළ මල් හා ගෙඩි වශයේන එය වැඩෙන තුරු තව තවත් ඒ දැනුමට කරුණු එක් රැස් වෙන්න ඉඩ සලසන්න. ඔබට එ ප්‍රයත්නයේදී පුංචි දරු පැටවුන්ගෙන් පවා නොයෙක් ගුරු උපදේශ ලැබෙමින් යම් කාල සීමාවක් තුල එය දැවැන්ත වෘක්ෂයක් බවට පත් වෙනු ඇත.

      ආධුනිකයින්ට පමණක්ම නොවේ එදිනෙදා ගුවන් විදුලියෙන් සවන් දෙන බණ පදයකින් පවා නිවන් අවබෝධ ගැනවීමේ මා හැගි මනෝ විද්‍යාත්මක අභ්‍යාසයන් මේ තුල පවතින බැවින් වැඩිහිටියන්ගේ මනා හිතසුව පිණිසද ප්‍රත්‍යක්ෂතා ඥාණය වර්ධන කරවීමේ කටයුත්ත ඇරඹිය හැකිය.

       මෙයට බුදුන් වහන්සේ ලෝක සත්වයාගේ හිත සුව පිණිස එදා දම්සක් පැවතුම් සූත්‍රයෙන් දේශනා කළ පරිද්දෙන්  චක්ඛුං උදපාදී ඥාණං උදපාදී පඤ්ඤාඋදපාදී -   විද්‍යා උදපාදී - ආලෝකෝ උදපාදී යන්නෙන් දේශණා කොට වදාළහා. අග්‍රගන්‍ය වූ සර්වඥතා ඥාණයෙහි හට ගැන්වීමද එසේම වී යැයි මෙකී ධර්ම පාඨයෙන් ප්‍රත්‍යක්ෂ කෙරේ.

 

ජෝතිෂ්‍යය ශාස්ත්‍රඥ

 කොත්මලේ සෙනෙවිරත්න

 

 

 

 

‹ පෙර 1 2 3 4 5 6 7 8 පසු ›