අමතන්න
: 0714 007 494
: 0115 647 564
: Iranamalanka

විශේෂ ලිපි

හදහන පිළිබදව පිළිස‍ඳරක් ( 4  )                                                           තව කියවන්න............

         හඳහනක් තුලින් ඉස්මතු වන ග්‍රහ බලපෑම් මනුෂ්‍යයාගේ ජීවිත වලට කවරාකාර බලපෑමක් සිදුකල හැකිද යන ජෝතිෂ්‍ය අකාල්පයන් ඉක්මවා යන වෙනත් භාහිර සංසිද්ධීන් හඳුනා ගැනීමට ආධුනිකයින් නිතරම පරික්ෂාකාරී විය යුතුය. එකම වේලාවකට - එකම මවකගේ කුසින් ඉපදුණත් ඔවුනොවුන්ගේ ජීවන රටාවන්හි බරපතල වෙනස් වීම් බොහෝ විට දක්නට ලැබේ. සිසේරියන් සැත්කමක් මගින් එකම විනාඩියක් තුල සිදුකරනු ලබන දරු උපත් දෙකකදී පවා මේ ආකාර අසමානතා ඇති වීම ස්වභාවික තත්වයකි. ඊට බලපාන හේතු කාරණා කවරේද යන්න දැනුම් තේරුම් ගැනීම කොයිකාටත් ඉතා වැදගත් වේ.

         එකම කඳු වැටියක් මුදුනෙන් ගලා බසින ගංගාවන් 4 ක් සතර දිශාවකට ගමන් කොට අතිශ්‍යයින්ම මහා වෙනස් වීම් ජාලයකට ගොදුරු වී සතර ආකාරයකින් මහ මහුදට ගලා බසින්නේ යම් සේද එක් එක් ජීවන රටාවන් තුල ඔවුනොවුන්ට එදිනෙදා බලපාන ක්‍රියා රටාවන්හි බලපෑම් මගින් පවා ජීවිත උඩු යටිකුරු කිරීමට හේතු කාරණා වශයෙන් බලපෑ හැකිය.

         මේ සංසිද්ධිය බෞද්ධ දර්ශණය තුල “කම්ම නියාම” වශයෙන් ඉගැන්වේ. හුරු පුරුදු හා ඇබ්බැහි වීම් - පරිසරය ආදී බලපෑම් වලින් ජීවිත වල සිදුවන වෙනස් වීම් තේරුම් ගත යුතුය. ඒවා හොඳ - නරක වශයෙන් හඳුනා ගෙන තමන්ගේ සද්භාවයන් වර්ධනය කර ගැනීම සඳහා සියළු දෙනා ධර්මය උගත යුතුය.

       පැලෑටියක් භාහිර දිලීරයන්ගෙන් හා කඳ පණුවන්ගෙන් ආරක්ෂා කොට ගෙන කැලෑවද ඉවත් කර දමන දක්ෂ ගොවි මහතෙකු පරිද්දෙන් දෙමව්පියන් විසින් තම දරුවන් යහමගට පොලඹවා ගැනීමේ ක්‍රියාදාමය මගින් මෙබඳු ගැටළු විසදා ගත හැකි වේ.

        අතීතයෙහි රජ දවස යෝධ ඇළ ඉදිකරනු ලැබූ වාරි කර්මාන්ත කරුවන් එහි ජල බැස්ම සැතපුමකට අගලක් වශයෙන් සකස් කර ගත් බව ජනප්‍රවාදයෙහි සඳහන් වේ. මහා ජල කන්දරාවක් ගලා බසින යෝධ ඇළ පරිසරය තුල ඉතා නිහඩව ගැඹුරු ක්‍රියාවලියක නිරත වේ.

        මේ ආකාර චාරිත්‍ර ධර්මතා මගින් පිළිසකර කර ගත් මිනිසා සමාජය තුල නිහාඩියාවෙන් හා විශ්වාසයෙන් යුතුව තම යුතුකම හා වගකීම්ද ඉටු කරමින් කාලය ගත කරන්නේය. ගුණධර්මයන්ගෙන් පෝෂිත වු කෙනෙකු යෝධ ඇළ මෙන් නිහඩව ඉතා පිරිපහදු විනයකින් කටයුතු කරමින් සමාජ ගත වන්නේය.

       හඳහනක් තුලින් පරික්ෂා කිරීමට අපේක්ෂා කරන දළ අවශ්‍යතාවන් සඳහා මේ කරුණු කාරණා වැදගත් නොවේ. නමුත් ජෝතිෂ්‍ය ශස්ත්‍රය කුශලතා දියුණුවට පත් කර ගැනීමට අවශ්‍ය අය මේ විෂමතාදිය පිළිබඳව අධ්‍යයනය කොට තම තමන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට කටයුතු කළ යුතුය.

කරණවෑමියෙක් හා රූපලාවන්‍ය ශල්පිණියක්

      1980-1990 දශකයේදී උඩරට වතුකරය ආශ්‍රිතව තේ වතු අධිකාරීයට අයත් නිළ නිවසක විසූ යුවළකට පේරාදෙණිය රෝහලේදී නිවුන් දරු උපතක් සිදු විය. එකම දිනයක එකම වේලාවට සිදු වූ මේ නිවුන් දරු උපත ගැහුණු දරුවෙකු හා පිරිමි දරුවෙකුද විය. බැලූ බැල්මට ඉතා ප්‍රසන්න කිරි කැටි දරුවන් දෙදෙනාගේ එකී ජීවිත හරහා ගමන් කරන ලද බොහෝ කරුණු කාරණා එක හා සමාන විය. දෙමවිපියන් ඒ කාලය තුල සිදු වූ රාජ්‍ය හා සමාජීයය විප්ලවය හරහා කදුකරය අතහැර සැමියාගේ ගම් ප්‍රෙද්ශය වූ ගම්පහ ප්‍රෙද්ශයට පැමිණි අතර ඒ වෙනස් වීමත් සමග දරුවන්ගේ ජීවිත වලට බලපෑ බොහෝ වෙනස් වීම් ඒ තුලින් තේරුම් ගත යුතුය.

       මේ දරු දැරියන් දෙදෙනාගේම චරිත හා ගුණාංග - ඇවතුම් පැවතුම් එක සමාන වේ. දෙදෙනාම විවාහයට මැලි කමක් දක්වන හා කලාත්මක ඇගයීම් වලින් සමන්විත චරිත වලින් යුක්ත වුවෝද වෙති. ඔවුන් අද දක්වාම අවිවාහකව සිටින අතර ඔවුන්ගෙන් පිරිමි දරුවා සාමාන්‍ය වීදී කඩපෙළක සේවය කරනු ලබන කුඩා ආයතනයක් හිමි කරණවෑමියෙකි. නමුත් එකී දියණිය රූපලාවන්‍ය කලා ක්ෂේත්‍රයේ ඉහළටම ගමන්කළ කලාකාරීයෙකි.

       මේ සොයුරු - සොයුරි දෙපලගේ සමාජ තත්වයන්හි පරතරය අති විශාලය. සොයුරිය මිල මුදල් යහමින් ඇති ජනප්‍රිය චරිතයකි. නමුත් පිරිමි දරුවා තම කරණවෑමී කටයුතු වල නිරත වෙමින් සාමාන්‍ය ග්‍රාමීය ජීවිතයක් ගත කරන කෙනෙකි.

        මොවුන්ගේ ජීවන රටාවන්හි ඇත්තේ ඉතා සුළු පරතරයකි. එනම් පුරුෂයා තම රැකියා කටයුතු වල ග්‍රාමීය පෙදෙසක නිරත වීමත් ස්ත්‍රිය විශේෂ වු නාගරික පරිසරයකදී ඒවායේ නිරත වීමත්ය. ඔවුන් දෙදෙනාම මෝස්තර ශිල්පීන් වේ. මෙහි පවතින්නේ ඇති නැති පරතරයක්ද නොවේ. ඔවුන් තමන් ජීවත් වන සීමාවන්හි යම් කැපී පෙනෙන ජීවිත ගත කරන අය වෙති. කේන්ද්‍රයක් තුලින් ඉස්මතු වන යථාර්තය මිළ මුදල් මත ගණනය කළ නොහැකි වේ. ඒවා ඔවුන්ගේ ජීවිත හා බද්ධ වූ ආකාරයන් පිළිබඳව විමසා බැලු විට මේ දෙදෙනා අතර ඇත්තේ එකම ජීවිත කතාවක් බව පෙනේ.

       හතර පැත්තකට ගලා ගිය ගංගවන් 4 ක් එකම තැනකින් නික්ම ගියත් ඒ ජල ධාරාවන්හි  සුසංයෝගයන් වෙනස් විය හැකිය. එපරිද්දෙන් නිවුන් දරුවන් ලෙස ඉපදුනත් ජීවිත කාලයක් තුල තම තමන් විසින් ලගා කර ගනු ලබන කුශලාකුශලතා වල බලපෑම් මගින් ඔවුන්ව පාලනය කරනු ලැබේ. මේ ස්වභාවික සංසිද්ධිය වටහා ගෙන හඳහනක් තුලින් නිර්මාණය වන ජීවන දරශණයන් විමර්ශණය කොට බලන ලෙස සියළු ආධුනික ශිල්පීන් වෙත මෙයින් ආරාධනා කරමි.

 

තව කියවන්න..............

කොත්මලේ සෙනෙවිරත්න

 

 

 

 

‹ පෙර 1 2 3 4 5 6 7 8 පසු ›