අමතන්න
: 0714 007 494
: 0115 647 564
: Iranamalanka

විශේෂ ලිපි

හඳහන  පිළිබඳව  පිළිසඳරක් ( 6 )                                                           තව කියවන්න...........

       දරු උපතක් සිදු කරවීම හා දරුවෙකු ඉපදීම යනු දෙවිදිහකි. මේ ගැන මුල් ලිපියක් මගින් කරුණු ටිකක් ඉදිරිපත්කොට ඇත. ජීව විද්‍යාත්මක ක්‍රමවේදයන්ට එකඟව ක්‍රියාකිරීමේදී දරු උපතක් සිදු කිරීම සලකා බැලිය යුත්තේ මවගේ දරු ගැබ පිළිබදව පවත්නා සූදානම පිළිබදව සලකා බැලීමෙනි. ඒ වූ කලී වෛද්‍ය විද්‍යාත්මක ක්‍රියාවලියකි. නමුත් දරු උපතක් සිදු වීමේ වැදගත්කම ඊට වඩා මහා භාරධූර වූ ක්‍රියාවලියක් තුල පවත්නා බව ජෝතිෂ්‍ය ශාස්ත්‍රය තුලින් අනාවරණය වේ.

       ජෝතිෂ්‍ය තුලින් උපන් වේලාවට අනුව දරුවෙකුගේ සියළු කුශලාකුශලතා හඳුනා ගැනීම සිදු කෙරේ. ඒ අනුව එකී දරුවා සමාජය තුල කවරනම් ප්‍රගතියක් ලබන්නේද යන කරුණු කාරණා විචාරයකට ලක් කෙරේ. ඊට මුලාශ්‍ර කොට ගනු ලබන්නේ දරුවා උපත ලැබූ වේලාව හා ස්ථානය පමණකි. ඒ අනුව එකී වේලාවට අනුගතව දරුවාගේ වාසනා ගුණය කවරේදැයි යන්න හඳුනා ගනු ලබන අතර ඒ වෙනුවෙන් දෙමව්පියන් වෙත හඳහන් පිටපතක් නිකුත් කරනු ලැබේ.

       මෙකී හඳහන කුමක්ද යන්න හරි විදිහට තේරුම් ගත් කෙනෙකු නම් එය තම ජීවිතයේ ඉතා වැදගත් වූ දන්ත ලේඛණයක් ලෙසට පරිහරණය කිරීමට පෙළඹේ. තම ජීවිතය පුරාවට තමන් හා ක්‍රියාත්මක වන කුශලාකුශල කර්ම බලවේගයන් පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන්නෙකුට අවදානම ඉතා අඩු කර ගැනීමට හැකියාවක් ඇත. කල් වේලාවන් බලා බීජ වපුරණ දක්ෂ ගොවි මහතෙකු මෙන් තම ජීවිතය හා බන්ධනය වූ කුශලාකුශල හඳුනාගෙන කටයුතු කරන විට යහපත් ප්‍රතිපල අත් විදීමට අවකාශ ලැබේ.

       හඳහන යනු සාමාන්‍ය කේනද්‍ර සටහනකට වඩා විචාරාත්මක දන්ත සටහනකි. හඳ ගමන මුල් කොට ගෙන ඒ සමග ඉතා නිරවද්‍ය වූ දශා ගණිතයක් අනුයුක්තව ඇති බැවින් තම ජීවිතයේ සුභා - සුභ කාල පරිච්ඡේදයන් වෙන් වෙන්ව හඳුනා ගැනීමට ජන්මියාට අවස්ථාව සැලසේ.

      ලෝකය පුරා කේන්ද්‍ර පිළිබඳව විවිධ ජාතින් අතර නොයෙක් ක්‍රමවේද භාවිතය . බටහිර රටවල ප්‍රචලිතව පවත්නා සායන ජෝතිෂ්‍ය ක්‍රමවේද මගින් ඉතා ලඝු පලාපල කථනයක් ලබා‍ දෙයි. පෙරදිග රටවල භාවිතා වන හඳහන ඉතා ඉලක්ක ගත විස්තර   සැපයීමට හැකි ක්‍රමවේදයක් වුවත් බටහිර රටවල පවතින ක්‍රම‍වේද ඉතා නොදියුණු තත්වයක පවතින බව හොදින් තහවුරු වේ.

       ඉතා සංවිධානාත්මකව වෛදවරයාද - දෙමවිපියන් හා ‍ජොතිෂ්‍ය වේදියාද එක්ව සිදු කරවන ලද උපතකදී එකී දරුවා ඉතා වැදගත් වූ සමාජ මෙහෙවරකට සම්බන්ධ කල හැකිය. එකී උපත විශේෂිත වූ සමාජ ඒකකයක් බවට පවත්වන බව සපුරා සනාථ කර ගත හැකි වේ.

       එක් දරුවෙකුගේ හඳහන බලවත් වීම යනු සමස්ත සමාජයටම එය ආශිර්වාදයකි. එම දරුවා මතු ඉතා නිවැරදි වූ බලවත් ස්ථානයකට පැමිණිම යනු සවිමත් සමාජ සංස්ථාවක් ගොඩනැගීමේ එක් පලදායීතාවක් බවට පත් වේ.

       රෝගියෙකු - අධර්මිෂ්ටයෙකු -මුග්ධයෙකු වැනි සෘණ වේගයන් හිමි දරු උපතක් තුලින් සදාකාලීකවම සමස්ත සමාජයම බරපතල හිංසණයකට පත්වේ. ඕනෑම උපත් වේලාවක් පිළබදව හඳහන පරිකෂා කිරීමේදී අදාල දරුවා කවරෙක්දැයි නිර්භයව ප්‍රකාශකළ හැකිය. මෙබඳු විශ්වාසනීය ක්‍රමවේද තිබියදී අවිධිමත් දරු උපත් සිදු කිරීම වූ කලී පාප කාරී ලොවක් බිහි කිරීමේ ප්‍රධානතම ක්‍රම‍වේදය බවට මීට වගකිව යුත්තන් විසින් අවබෝධ කර ගත යුතය.

       එනම් ඇඩලොප් හිට්ලර් යනු එක පුද්ගලයෙකි. නමුත් මේ පුද්ගලයා ලෝක ඉතිහාසයෙහිම පරිච්ඡේද කිහිපයක්ම ලියා අවසන් කළ ඝාතකයෙකි. මේ අසමසම හිංසාකාරී මිනිසා එසේ නොවන්නට සංවිධානාත්මක දරු උපත් ක්‍රමවේදයක් තුලින් යම් හැකියාවක් තිබිණ. එය පැහැදිලි කර ගැනීම සදහා එක් සරල උදාහරණයක් ගෙන සලකා බලමු.

       බොහෝ විදේශ රටවලට සංක්‍රමණය වී විවිධ රැකියාවන්හි නිරත වන ඇතැම් සේවා නියුක්තකයින් මෙන්ම ඇතැම් සංචාරක ගමන් බිමන් වල නිරත වන අයද බැංකොක් නගරයෙහි බැස තම ගමනාන්තය දක්වා යාමට වැඩි උනන්දුවක් දක්වති. ඊට හේතුව තම ජීවිතයේ බොහෝ අවශ්‍යතා ඉටු කර ගැනීමට අවශ්‍ය ආමපන්න සියල්ල එහිදී ඉතා පහසුවෙන් මිලදී ගැනීමේ හැකියාව පවතින නිසාය.

        එසේම යමක් කමක් ලබා දීමේ හැකියාව ඇති ඉතා ප්‍රශස්ත වූ කාල වෙලාවන්ද වරින් වර උදා වන ආකාරය ජෝතිෂය වේදීන් ඉතා ‍හොදින් දනිති. එබඳු ඉතා විශ්වාසනීය බව තහවුරු කරන ලද යහපත් වේලාවල් යොදගෙන ඒ මගින් සුදුසු අවස්ථාවේ සිටින මව්වරුන්ගේ දරු උපත් ලබා ගැනීමට සැලසුම් කිරීම වූ කලී ඇත්ත වශයෙන්ම වාසනාවෙන් සපිරි ලොවක් බිහිකිරීමේ ඉතා ප්‍රශස්ත වූ ක්‍රමවේදය බවට හඳුනා ගත හැකය.

       එක් එක් අකාරයේ කුශලා කුශල ප්‍රමාණයන් අත් විදිමින් සිටින මව්වරුන් ඔවුන්ගේ එකී කර්ම බල වේගයන් ක්‍රියාත්මක වන අකාරයට ඇතැම් බරපතල අසුබපල විපාක ක්‍රියාත්මක වන අවස්ථාවන්හිදී  දරු උපත් සිදු කරති. නොඑසේනම් එබඳු අසුබපල විපාකයන් සලසා දීමට පරිසරය විසින් යුහුසුළුව කටයුතු සලසනු ලැබේ. එබඳු විපරිත අවස්ථාවන් දුරු කරමින් නූතන වෛද්‍ය වේදීන්ට සමාජ හිත සුව පිනිස ද - සමස්ත මානවයාගේ පැවැත්ම හා  සුඛාස්වාදය  සදහාද තම සේවාදායකත්වයන් සලසා දීමට තරම් කාරුණික වනු ඇතැයි යන්න අපේ විශ්වාසයයි.

       මාතෘ ගර්භයෙන් එළියට පැමිණීම උපතක් විදිහට සැලකේ. දරුවා එතැන් පටන් පරිසරය සමඟ සංවාසයට පත්වේ.මේ වේලාවට ප්‍රතිසන්ධිය සිදුවූ අවස්ථාව වශයෙන් සැලකෙන අතර එහිදී ග්‍රහනය වූ දශානු දශා තත්වයන්හි ශේෂය දරුවාගේ ඉදිරි ජීවිතය හා සම්බන්ධ වී ක්‍රියාත්මක වේ.

       සංසාරය නොහොත් සංසරණය වන්නා වූ පිළිවෙත එයයි. ජෝතිෂයෙහි සඳහන් මූලික සිද්ධාන්ත වලට අනුව එකී වේලාව තුල පවත්නා ග්‍රහ සංසිද්ධිය මත ස්වභාව ධර්මයෙහි අන්තර් ගත ප්‍රතිපාදන දරුවාට හිමි වේ . නූතන වෛද්‍ය විද්‍යාවේදී පවතින සියළු යථාර්තයන් තුලින් සැබෑ වාසනාවන්ත මානව ශිෂ්ටාචාරයක් ඇරඹීමට යම් පිටිවහළක් කරගත හැකි නම් තවත් වසර දහයකට එහා පවතින ලෝකය තුල වාසනා ගුණයෙන් සපිරි  යහපත් සමාජයක් ගොඩනඟන බවට ස්ථිර වශයෙන්ම ප්‍රකාශ කල හැකිය.

තව කියවන්න..............

     

කොත්මලේ සෙනෙවිරත්න

www.iranamalanka.com

 

 

‹ පෙර 1 2 3 4 5 6 7 8 පසු ›