අමතන්න
: 0714 007 494
: 0115 647 564
: Iranamalanka

විශේෂ ලිපි

හඳහන පිළිබඳව පිළිසඳරක් ( 2 )                                                                   තව කියවන්න...........

      අපල යන වචනය ජෝතිෂ්‍ය විෂය හා තදින්ම බැඳී ඇති යෙදීමකි. එම වචනය ජෝතිෂ්‍යයෙහි හැර වෙනත් කිසිම විෂයක් තුල භාවිතාවක් වශයෙන් යොදා ඇති බවක් නොපෙනේ. අපල යන්න නිර්වචනය කර ගත හැකි උපදේශයක් සපයා ගැනීමට මට දැඩි වෙහෙසක් දරන්නට සිදු විය. අපල යන්න විපාක දීමේ පිළිවෙත පරිශිලනය කිරීමේදී ඊට  ඉතාම සමගාමී යෙදුම වශයෙන් සැලකිය හැක්කේ අකුශල කර්ම යන්නය. බෞද්ධ දර්ශණය තුල ඉතා ගැඹුරින් අරුත් දක්වන කුශලාකුශල කර්මයන් විපාක දීමේ ක්‍රමවේදයද ජෝතිෂ්‍යයෙහි අදාල පලාපල වශයෙන් සඳහන් වීමද ඉතා සමාන වේ. මේ කරුණු දෙක තුලින්ම අනාවරණය වන්නේ පුද්ගලයෙකුගේ ජීවිතයට යම්කිසි සෘජු බලපෑමක් සිදු කළ හැකි අදිසි බලවේගයක් ලොව පවතින බවය.

     පලාපල විපාක දීමේදී  සිදුවන ක්‍රියාවලිය හඳුනා ගැනීමටනම් බෞද්ධ දර්ශණය හොඳින් හැදෑරීම වඩාත් උචිත බවට මෙහිදී සඳහන් කළ යුතුය.

      සංසාරගතව පවතින කුශලාකුශල කර්මයක් පලවිපාක දීමට පෙල‍ඹෙන කාලය හඳහනක් තුලින් හඳුනා ගත හැකිය. ඒ වූ කලී ගණිතමය ක්‍රියාවලියකි. මීට අදාලව දශා අපහැරණය කොට ලබා ගත් දශා ශේෂය උපන් දිනය හා එකතු කොට ගෙන මීළගට ලබන දශාව කුමක්ද යන්න තේරුම් ගැනීම තුලින් සිදු වේ. යම්කිසි සුබ හෝ අසුබ කර්ම බල වේගයක් විපාක දීමට කලින් හඳුනා ගත හැකි ලොව පවත්නා එකම ක්‍රමවේදය හඳහන පරික්ෂා කිරීම වේ.

      හඳහන භාවිතා වන්නේ ඉන්දියාව ඇතුළු පෙරදිග සීමිත ප්‍රදේශයක් තුල පමණක්ම වේ. වෙනත් අකාරයට සකස් කරනු ලබන විවිධ කේන්ද්‍ර ප්‍රභේදයන් වෙනත් රටවල දක්නට ලැබේ. සායන හා නිරයන ආදී වශයෙන් දෙවර්ගය මෙයින් මුලික කොටස් දෙක වේ.

      සරල කේන්ද්‍රයක් වශයෙන් භාවිතා වන්නේ හඳහනම නොවේ. හඳහනට මුලික වන්නේ චන්ද්‍රයා මුල් කොට ගත් ගණිතමය ක්‍රමවේදයකි. විංශෝත්තරී - අෂ්ටෝත්තරී - යෝගිනි ආදී වශයෙන් ප්‍රචලිත විවිධ ආරෝපණ ක්‍රම ඊට භාවිතා වුවත් ශ්‍රි ලංකාව තුල අතිශ්‍යයින්ම භාවිතා වන්නේ විංශෝත්තරී දශානු ගත ‍හඳහන වේ. හඳ + හන යනු හඳ මුල් කොට ගොඩනැගුණු ගණිත සාරයක් වශයෙන් සැලකේ.

       විංශෝත්තරී දශාව යනු අවුරුදු 120 ක් වූ ආයු බලය ග්‍රහයින් නම දෙනෙකු  අතරේ බෙදී යන අකාරය දැක්වීමයි. එය රවිගෙන් පටන් ගත් විට රවිට 6 - සඳුට 10 - කුජට 7 - රාහුට 18 - ගුරුට 16 - ශනිට 19 හා බුධ 17 ක් වශයන් බෙදා දැක්වේ. මෙහි එකතුව 120 කි. මේ ක්‍රමවේදය මුල් කොට ගෙන ජන්මියාගේ සැප දුක් ‍- ලෙඩ රෝග - අයු බල - අධ්‍යාපනය ආදී අති මහත් වූ බොහෝ දේවල් පිළිබඳව විස්තර කොට දැක්වීමට හැකියාවක් ඇත. මේ දශාව ගෙවී යන ක්‍රමවේදය බෞද්ධ දර්ශණය තුල සංසාර ගත කුශලාකුශල කර්ම වශයෙන් විග්‍රහ කොට දැක්වේ.

       සංසාරය යනු සංසරණය වන්නා වූ යන අරුතෙන් සමන්විත වේ. මනුෂ්‍යයින‍්ගේ ජීවන රටාව හා බැදී ඇති හොඳ හා නරක (කුශලාකුශල) දෙක සංසාරණය වන්නා වූ පිළිවෙතට අනුව ස්වභාවධර්මය විසින් ඊට ප්‍රතිචාර දැක්වීමට පොළඹවනු ලැ‍බේ. ඉබේටම සිදුවන මේ සංසරණය වන බලවේගය යහමගට යොමු කර ගැනීම සඳහා හොඳ (  කුශල ) ක්‍රියාවන්හිම ප්‍රවිශ්ඨ විය යුතු බවට ධර්මයෙහි ඉගැන්වේ.

     කුශලාකුශලයන් විපාක පමුණුවන්නේ කෙසේද යන්න බෞද්ධ දර්ශණය තුල ගැඹුරින් විග්‍රහ කොට දැක්වේ. මේ ඒ සඳහා ඉතා මෑතකදී හමු වූ සරල සිදු වීමක් මගේ සිහියට නැං‍වෙයි.

      මා ඉතා හොඳින් දන්නා හඳුනන ‍ඔහු පාසල් ගුරුවරයෙකි. ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන අතර බිරිඳ ද ගුරුවරියක් වශයෙන් සේවය කල කෙනෙකි. අමතර පන්තියක් සඳහා කාලය මිඩංගු කල මේ ගුරුවරයාට කාල වේලාවද අමතක වී දිවා ආහාරයත් සොයා අවන් හලකට ගොඩවිය. ආහාර අවසන් තිබිණ. නමුත් යම් හැඳුනුම් කමක් මත වෙනත් කෙනෙකුට සකස් කොට තිබූ පාර්සලයක් ගෙනවුත් අවන්හල් හිමියා ගුරුවරයා අත‍ට පත් කළේය. සැනසුම් සුසුමක් හෙළා හෙතෙම ඊට මුදල්ද ගෙවා මාවතට පිවිසියේය.

     සැරයටියක් අතින් ගත් වයෝවෘද්ධ කාන්තාවක් ගුරුවරයා යන මග අවුරා දොහත් පා කෑමට යමක් ඉල්ලීය. ඒ මොහොතේම  හදවත ඉමහත් වූ මනුෂ්‍යත්වයෙන් කම්පාවට පත් වූ ගරුවරයා තම දෝතෙහි තිබුණු බත් පාර්සලය අර කී මාතාවගේ දෝත මත තබා මහපාරෙදීම ඇයට වැද වහ වහා එතනින් නිදක්ම ගියේය.

      එදා මේ ගුරුවරයාට දවාල ආහාරයක් ලැබුණේ නැත. නමුත් ඉහවහා ගිය ඉමහත් වූ ප්‍රිති ප්‍රමෝදයකින් යුක්තව හෙතෙම ඉක්මන් ගමනින් තම ඊලග පන්ති වාරය වෙත ගමන් කළේය. එදා රාත්‍රියෙහි මේ ගුරුතුමන් තම නිවසට ගොඩ වදින විට බිරිදට අමුත්ක් දැනින. මොකද අද ඔයාට ස්විප් ටිකට් එකක්වත් අදුනද යනුවෙන් බිරිද විහිළුවක්ද කළේය. කුසගින්න අභිබවා මේ පුද්ගලයාට එදා දැනුන සතුට මහා කුශල කර්මයක් බවට පත් වූයේ කෙසේද?

      පසු දින පෙරදාට වඩා ටිකක් වේලාසනින් මහ පාරට බැස ගත් ගුරුතුමන් දිවා ආහාරයට සුපුරුදු අවන්හලට ගොඩවිය. එදා ඔහුට පරණ මිතුරෙකු හමු වීම නිසා ඉපිලී ගිය සතුටින් යුතුව ඔහු හා පිළිසඳරට වැටින. මුනිදාස මහත්තයා දවාලට කාලාදැයි මිතුරා ඇසීය. තවම නැහැ ඔහුගේ පිළිතුර විය.

       මිත්‍රයාගේ ඇරයුමෙන් ගුරුතුමාට එදා රසවත් ආහාර වේලක සංග්‍රහයක් භුක්ති විදීමට අවස්ථාව සැලසින. එපමණක්ද නොවේ මිත්‍රයා විදේශයක පදිංචි වී සිටින පරණ ගුරුමහතෙකි. ඔහු මේ තම මිත්‍රයාට ඇරයුමක්ද කළේය. තම පුතණුවන් තවත් අවුරැදු 4 කට ශ්‍රි ලංකාවට නොපැමිණෙන බවත් ඒ නිසා ඔවුන් පදිංචි වී සිටින නිවස තමන් එනතුරු තමන්ගේ එකක් මෙන් බලාගන්නා ලෙසටත් මිතුරා අපේ ගුරුතුමාට අරයුම් කළේය.

       දශක ‍දෙකහමාරක රජයේ සේවා කාලයක සිටියත් මුනිදාස ගුරුතුමන් සිටියේ දිරාපත් වූ කුලී නිවසකය. අදහා ගන්නට බැරි නවීන පන්නයේ නිවසක් නිකම්ම නිකන් තමන්ට ඉන්න ලැබීම මේ මොන වාසනාවක්ද?

       ගුරුතුමන් එදා කාන්තාවකට පරිත්‍යාග කළ දිවා ආහාරය මේ කාරණාවට සම්බන්ධ කළ නොහැකිය. නමුත් එතුමාට එදා ඒ කටයුත්ත සිතට දැනුනේ මහා පින්කමක් ලෙසටය. මිතුරා ගෙන ගිය සතුටක් හරහා එදා ඔහු තුලින් පිළිබිඹු වූ සතු‍ට ඔහුගේ බිරිද ගෙට ගොඩවන අවස්ථාවේදිම දුටුවාය. තවත් පැය 24 ක් ගත වන්නට පෙර ඔහු කරා පැමිණි සුවිශාල වූ පරිත්‍යාගය ඒ කටයුත්තට සම්බන්ධ නොවේ යැයි පැවසීමටද අපට නොහැකි වේ. හොඳ කටයුත්තක් නම් අනිවාර්යෙන්ම ස්වභාව ධර්මය තුලින් ඊට ප්‍රතිචාරයක් ලැබිය යුතුය. අපල තත්වයක් අහවර කිරීමට මේ පුණ්‍ය කර්මය හේතු වුවාද ?

තව කියවන්න................

කොත්මලේ සෙනෙවිරත්න

 

 

 

 

‹ පෙර 1 2 3 4 5 6 7 8 පසු ›