අමතන්න
: 0714 007 494
: 0115 647 564
: Iranamalanka

විශේෂ ලිපි

හඳහන පිළිබඳව පිළිසඳරක් ( 3 )                                                        තව කියවන්න..............

      අපල යන වචනය නොසලකා හැරිය යුත්තක් නොවේ. එහි නියම අර්ථය පාප කර්මය යන අදහසම බව මීට කලින් මා ප්‍රකාශ කළෙමි. ග්‍රහ අපල යන්‍නෙන් ග්‍රහනය කර ගත් අකුශලයක් බවට අර්ථවත් වේ. කුමක්ද? ග්‍රහයා යන වචනය තුල පවතින්නේ කෙබඳු අදහසක්ද?

      උදාහරණයක් ගෙන මේ ගැන සලකා බැලිය හැකිය. ඔබේ නිවසට ජල විදුලිය සපයා ඇත. විදුලි බල්බ දැල්වීම - රෙදි පිළ මැද ගැනීම - උයා පිහා ගෙන කෑම - දාහය නිවා ගැනීම වැනි දහසකුත් එකක් පල ප්‍රයෝජන ලබන ඔබ විදුලි බල මණ්ඩලයේ ග්‍රාහකයෙකි. ඔවුන් දස දහසක් සංඛ්‍යාත සේවක හා සේවා ජාලයන්ගෙන්ද සමන්විත වූ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ඇති පුළුල් ආයතනයක් වේ. මෙහිදී ඔබ ග්‍රාහකයා වන අතර ඔවුන් ‍ ඔබේ ග්‍රහයා ලෙසට පිළිබිඹු වේ.

     කලට වේලාවට ඔබේ සේවා දායකයා නොහොත් ග්‍රහයා වෙත ඔබේ බිල්පත් නොගෙවීමෙන් ඔබට බරපතල අර්බුදයකට මුහුණ දීමට සිදු වේ. ඔබේ ජිවිතයේ අත්‍යවශ්‍ය සේවා සියල්ල ඇණ හිටීමට ග්‍රහයා මෙහිදී කටයුතු කරනු ලැබේ. ග්‍රහයාගේ ස්වභායද මීට සමාන අන්දමට ක්‍රියාත්මක වේ.

      ග්‍රහ අපල තත්වයක් එලඹුනු විට සපුරා එම තත්වය ප්‍රායෝගිකව ඔබට බලපාන්නේ කෙසේදැයි හඳුනා ගැනීම බරපතල කාරණාවකි. ඒ සඳහා ඔබ පරිණත ජෝතිෂ්‍ය වේදියෙකු වෙත යා යුතුය. අපල යන වචනය ඉතා ලඝු අදහසක් නිර්මාණය කරයි. ඒ අපල තත්වය කුමක් අරඹයා කෙසේ තමන් කරා එලඹෙන්නේදැයි විචාර බුද්ධි‍යෙන් යුතුව විමර්ශණය කරවා ගත යුතුය. විදුලි බිල්පත ගෙවා දැමීමෙන් සියළු දෝෂ නිවාරණය වන්නා සේ යථෝක්ත ග්‍රහ නියොජනත්වයන් තේරුම් ගෙන දුෂ්කරත්වයන් සමනය කර ගැනීම ඉතා පහසු කාරණාවක් විය හැකිය. සරල කටයුත්තක්ද වේ.

     අපල පිළිබඳව නොසලකා හැරීම ගෙවා දැමීමට අපහසු මහා පාප කර්මයක ආරම්භයක්ද විය හැකිය. සර්පයෙක් ගේ මිදුලේ සැරිසරණ විට ඌ පලවා හැරීමට කටයුතු නොකොළොත් ඊලග අවස්ථාවේදී ඌ ගෙට රිංගා ගෙන විපතක් කිරීමට අවකාශ ඇත. සුළු අවස්ථාවක් ගැන උනන්දූ වී මහා විපත්තියක් වලක්වා ගැනීම පිළබඳව සිතන්න.

      මීට කාලයකට පෙර ඌව ප්‍රදේශයේ ජීවත් වූ ඔහු ඉතා ප්‍රකට හා දක්ෂ කොන්ත්‍රාත් කරුවෙකි. තම උත්සාහ‍යෙන් දියුණුවේ ඉහළටම ගමන් කල මොහු හඳහන හෝ ජෝතිෂ්‍ය පිළබඳව කිසිම තැකීමක් නොකල කෙනෙකි. හඳහන මේ පුද්ගලයාට වහ කදුරු වගේය. සෑම ඉදිකිරීමකදීම කවුරුන් හෝ නැකැත් ගැන කථා කල විට ඊට උපහාසයෙන් පිළිතුරු දෙන හෙතෙම කියා සිටියේ තමන් වැඩ අරඹන්නේ අගහරුවාදා දින වලදී පමණක් බවය. තමන් කළ කිසි වැඩක් අසාර්ථක නොවු බව ඔහු නිතරම කීවේය. පුරසාරම් දෙඩුවේය.

     නමුත් මොහුගේ බිරිඳ මේ ගැන දැක්වූයේ නොසතුටකි. හඳහන මගින් තම සැමියාට බරපල අපල තත්වයක් උදා වෙමින් පවතින බව ඇයට පැවසූ විට ඇය ප්‍රකාශ කළේ තමන් ඔහු ඉදිරියේ ඉතා අසරණ බවය.

     ඒ නවසීය අසූ ගණන් වල අගභාගයේදී මේ පුද්ගලයා විශාල කොන්ක්‍රිට් ඉදිකිරීමකට තම සේවකයන් රාශියක් යොදා ගෙන නිරත වූ අවස්ථාවකි. ඔවුන්ගේ කොන්ක්‍රිට් වැඩය අවසන් වන විට රාත්‍රි 9 ද ඉක්ම ගොස් තිබිණ. උදේ පටන් පැය 15 ක් පමණ වෙහෙස මහන්සි වූ සේවකයින් වෙනුවෙන් රහමෙරද සමග ආහාර වේලක් සැපයීමට ඔහු කටයුතු ක‍ළේය.

      එදා ඔහු ඉතා සතුටින් තම සේවකියින් සමග ආහාර පානද රහමෙරද ලබා ගෙන හොඳින් විනෝද වෙන්නට වුහ. මේ අතර මේ අපේ කථා නායකයාට පදමට වැඩි වූ බවක් පෙනුනි. ඔහු එදා ගෙමිදුලේ ඇද වැටුණු බවක් ‍ඔහු සඳහන් කළහ.

      එදා ඔහු ඇද වැටුනේ වෙදාට වඩා වෙනස් ආකරයකටය. කට දිව තොල්පට ඇද වී ඇස් උඩුකුරු වී තිබිණ.ඔහු ‍එදා පටන් දරුණු අංශ භාගයට ගොදුරු වූ රෝගියෙක් බවට පත් විය.

      මුළු සේසතම විය පැහැදම් කළත් මේ තැනැත්තා සුවපත් කිරීමට තරම් සම‍තෙක් නොවීය. ඊට පසු ක්‍රමයෙන් ඔහු නයිනටවන්නන්ගෙන් පවා අත දිගු කරමින්අසා සිටියේ තමන්ට නැගිට ගන්න ලැබේදැයි යන ප්‍රශ්ණය ඉදිරිපත් කරමිනි. තවත් වර්ෂ දහයකට වඩා කාලයක් ඔත්පලව සිටි මේ පුද්ගලයා මිය යන විට මුළු පවුලටම බරපතල නස්පැත්තියක් අත් පත් වී තිබිණ.

     තමන් නොදත් දෙයක් පිළිබඳව අනුන්ගෙන් අසා දැන ගැනීම හෝ ‍යමෙකුගෙන් විපතකදී පිළිසරණක් ලබා ගැනීම නරක දෙයක් නො‍වේ. අපල පීඩාවක් පිළිබඳව යමක් ප්‍රකාශ කල විට ඒ ගැන උනන්දුවෙන් කටයුතු කොට සත් පුරුෂයන් යහමගට යොමු වෙති.

      ජෝතිෂ්‍ය සෙත්කවි - නැකත් - යන්ත්‍ර මන්ත්‍ර වැනි අපේ සාම්ප්‍රදායික ශල්ප පිළිබඳව බොහෝ උනන්දුවෙන් කථාබස් කරන මගේ හිතවත් මහත්මයෙක් බොහෝ දෙනෙකුට වැදගත් විය හැකි ප්‍රශ්ණයක් මට යොමු කල අවස්ථාවක් විය. එක්තරා දානමය පිංකමක් පවතින අවස්ථාවකදී අප කිහිප දෙනෙකු පිළිසඳරක යෙදී සිටි අවස්ථාවක මේ ප්‍රශ්ණය ඉස්මතු විය.

     එකම නගරයේ රෝහල් දෙකක මව්වරුන් දෙදෙනෙකුට එකම වේලාවක දරු උපත් දෙකක් සිදු වී ඇත. එක් දරුවෙක් විදේශයක ජීවත් වන බොහෝ සැප සම්පත් සහිත ජීවිතයක් ගත කරන විධායක නිළධාරිණියකට අයත් වූ අතර අනෙක් දරුවා රියෙදුරෙකුට දාව උපත ලැබූ ශ්‍රී ලංකාවේ ගැමි දරුවෙකි . මෙබඳු අවස්ථාවක මොවුන් දෙදෙනා‍ගේ ජීවිත හරහා ගමන් කරනු ලබන කර්ම බලවේගයන් එක හා සමාන වේද යන්න විමසා සිටියේය.

    බැලූ බැල්මට මෙහි ඉතා සංකීර්ණ බවක් පෙනේ. නමුත් එහි අන්තර්ගතව ඇත්තේ නියාම ධර්මතා අනුව පලවිපාක පමුණුවන ක්‍රමවේදයකි. එනම් ඊට උදාහරණයක් ගෙන සලකා බලතොත් අපට යථාර්තය පැහැදිලි කර ගත හැකිය.

      එකම වේලාවට එකම වත්තේ ලග ලගම බද්ධ කරන ලද අඹ පැලයක් හා සාමාන්‍ය අඹ පැලයක්ද සිටවූ විට ඊට අයත් පලදායීතාවන් සංසන්දනය කල නොහැකිය. ඊට බලපා ඇත්‍තේ චක්‍රිය කරණය කරන ලද හා සාමාන්‍ය අඹ ප්‍රභේද දෙකකි. ඉහත සඳහන් කල උපත් දෙක විෂයෙහි බලපා ඇත්තේද බීජ නියාමයකි. එකී මවිපිය දෙපල මනුෂ්‍යයින් වුවත් ඔවුනොවුන් අතර පවත්නා කර්ම බලවේග බොහෝ පරස්පරතාවන්ගෙන් යුක්ත වේ. මෙබඳු අවස්ථා වලදී ඔවුනොවුන් අතර පවත්නා සමානතා ඉතා අල්ප වේ.

      ශිල්පීය ක්‍රමවේද යොදා කුශලතාවන්ගෙන් පර්පුර්ණත්වයට පත් වූ මනුෂ්‍යයින්ගේ ජානගත පැවැත්ම සාමාන්‍ය මනුෂයෙකුට වඩා ධනාත්මක වේ. ඉහත පලමු  සඳහන් කළ බද්ධ රෝපණය ස්වභාව ධර්මය හා ක්‍රියා කරන ආකාරයට දෙවන අඹ පැලයට ක්‍රියාකිරීමට ජානගත බලයක් නැත. හඳහනකින් ඉස්මතු වන ශක්තිය හඳුනා ගැනීම සඳහා පරිණත වූ ලෝක ධර්මතා පිළිබඳවද අවබෝධයක් පැවතිය යුතු බවට මෙයින් අදහස් කෙරේ.

 

තව කියවන්න...........

කොත්ම‍ලේ සෙනෙවිරත්ත

 

 

‹ පෙර 1 2 3 4 5 6 7 8 පසු ›