අමතන්න
: 0714 007 494
: 0115 647 564
: Iranamalanka

විශේෂ ලිපි

හන පිළිබ පිළිසරක් (7)                                                                               තව කියවන්න..............

      හඳහනක් වැදගත් වන්නේ මනුෂ්‍යයාට පමණක්ම වේ. ලොව ජීවත් වන ලක්ෂ සංඛ්‍යාත වූ කවර නම් සතෙකුටවත් හඳහනක් වැදගත් නොවේ. ඊට බලපාන හේතු කාරණා කවරේද යන්න තේරුම් ගත හැකි ‍ලොව ජීවත් වන එකම සත්වයාද මිනිසාම පමණක් වේ. මේ අපූරුවතම ශක්තිය හා බලය කුමක්ද?. ජෝතිෂ්‍ය විෂය හදාරන අයට මෙන්ම සියළු මිනිසුන් විසින්ම මේ කරුණු කාරණා උගත යුත්තේය . ඒ මන්ද? මිනිසාට මිනිස් කමේ ශක්තිය හා අනුහස් නොදැන මිනිස්කමේ අගය වටහා ගැනීමට කවරදාවත් නොහැකි වන්නේය.

      මිනිස් භවයක කෙනෙකු උපත ලැබීම වූ කලී ලොව පවත්නා ඉතාමත් දුෂ්කර වූ දෙයක් ලෙසට සම්බුද්ධ දර්ශණයෙහි සඳහන් වේ . ඒ පිළිබඳව තථාගතයන් වහන්සේ වරෙක ඊට කදිම උපායක් දේශණා කොට වදාළ බවක් කියැවේ.

      කණ කැස්බෑවෙකු විය සිදුරින් අහස දකින්නාක් මෙන් කවරදාකවත් සිදු නොවිය හැකි අන්දමේ දුෂ්කර දෙයක් තරමට උන්වහන්සේගේ දේශණයෙහි මිනිස් උපත ගැන සඳහන් වේ. ඇස් අඳ වූ කැස්බෑවෙකු විය ගහක සිදුරක් තුලින් අහස දැකීමට නම් කණ කැස්බෑවෙක් සිටිනා වෙල් යයාක සීසෑමක් සිදුවිය යුතුය. එසේම එතැනින් හීයක් හානා ගොවියෙකු ගමන් කල යුතුය. තවද කැස්බෑවා ඒ අවස්ථාවේ අහස දෙස බලා සිටිය යුතු අතර මෙබඳු වූ දුෂ්කර ඉලක්කයක් කවරදාක සිදුවේද යන්න සිතා ගැනීමට පවා දුෂ්කර වූ කරුණකි.

      මේ කාරණාව තව දුරටත් ඉතා සරළ අන්දමකට පහදා ගැනීමටද අපට හැකි වේ. නිරෝගී මිනිසෙකුගේ සැරුරෙහි ශූක්‍රානු කොටස් කෝටි සංඛ්‍යාවක ප්‍රමාණයක් පවතින බවට වෛද්‍ය විද්‍යාවේ සඳහන්ය. ජීවියෙකු පිළිසිඳ ගැනීමට අවශ්‍ය වන්නේ එක් ශුක්‍රානුවකි. ශුක්‍රානුවක් හා ස්ත්‍රියකගේ ඩිම්බ ශෛලයක් හා ක්‍රියාත්මක වී දරුවෙකු හට ගැනීමේ ක්‍රියාවලිය සිදු වන බව සඳහන් වේ.

     නමුත් මෙයාකාර වූ යුවළක් අරභයා දරුවන් කී දෙනෙකු නම් හට ගනීද? මිනිසුන්ගේ ඉතිරි ශුක්‍රානු වලට සහ ස්ත්‍රින්ගේ ඩිම්බ ශෛල වලටද සිදු වන්නේ කුමක්ද?.ඒ සියල්ල උපතක් නොලබාම මිය යාමට පත් වේ. ඉඳින් මිනිසා යම් භවයක උපතක් ලැබීමට නම් කවර නම් වූ කුශලතාවක් හට ගැන්විය යුතුද? ස්වභාවධර්මයේ පවත්නා මේ නිසර්ග ධර්මතාව තේරුම් ගත් අයෙකු වේ නම් ඔවුන් සියළු දෙනාම ඇලී ගැලී ජීවත් වීමේ මේ නිශ්පල වෑයම අතහැර දමනු නියත වේ.

      කෝටි සංඛ්‍යාත වූ ශුක්‍රානු කොටස් අතරින් ජීවිතයක් බවට පත් වන්නේ ජීවින් දෙක තුනක් නම් වූ ඉතා සුළු ප්‍රමාණයක් වී නම් ඒ අතරට පත් ඔබත් මමත් මේ ජීවත් වන කෙටි කාලය තුල කවර නම් වූ දෙයක් එකතු කර ගන්නේද? අනිත්‍ය නම් වූ ධර්මතාව එයම වන්නේය.

මෙයාකාර වූ දුෂ්කර උපතක් සිදු වීමට බලපාන හේතු ධර්මතාවන් අතර කර්ම බලවේගය පිළිබඳව බොහෝ කරුණු කාරණා බෞද්ධ දර්ශණයෙහි ඉගැන්වේ . ඊට හේතු කාරක වන්නා වූ ශක්තිය හා බලය පිළිබඳව ජෝතිෂ්‍ය ශාස්ත්‍රය තුල පැහැදිළි කරණු ලබන ඉගැන්වීම් සියළු දෙනා විසින්ම අධ්‍යයනය කල යුතුය.

      හඳහනක වැදගත්ම ස්ථානය වන්නේ ලග්නයයි. එනම් සිරස නම් වේ. නැගෙනහිර ක්ෂිතිජයෙහි උදා වී පවත්නා රාශි ස්ඵුටයෙහි ශක්තිය හා බලය මගින් ජන්මියාගේ බුද්ධි බලය නියෝජනය වේ. බුද්ධිය හා බැදුණු ආසාමාන්‍ය වූ ශක්තිය හා අනුහස් මගින් මානවයාගේ සියළු කුශලාකුශල ප්‍රමාණයන් අධ්‍යනය කරුණු ලැබේ . එබැවින් හඳහන වැදගත් වන්නේ මානවයා කෙරෙහි පමණක්ම වේ.

ලග්න ස්ථානය හා බැඳී ඇති සෙසු එකලොස් පැත්ත මගින් අදාල ජන්මියාගේ සියළු ශක්ති ස්කන්ධයන් විමසා බැලේ. එය ජෝතිෂ්‍ය ශාස්ත්‍රයට අනුව ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්වේ.

      මානවයා නිසර්ගයෙන්ම එක්තරා ශක්ති ප්‍රභේද ත්‍රිත්වයක් කරණ කොට ගෙන උපත ලබා ඇත. ඒ වූ කලී මනුෂ්‍ය - දිව්‍ය හා පාතල නම් වූ ශක්ති කොටස් තුනකින් සමන්විත මිනිසා ස්වකීය සංසරණය වන්නා වූ කර්ම බලවේගයන් පාලනය කර ගනු ලබන පිණිස මේ ශක්ති ත්‍රිත්වය යොදා ගනු ලැබේ.

මනුෂ්‍ය බලය

      මනස නම් වූ කොටසෙහි පවත්නා ශක්තිය හා බලය මනුෂ්‍ය නම් වේ. මනුෂ්‍ය ශරීරයෙහි ප්‍රධානය නොහොත් මූලය නොහොත් මොළය වශයෙන් මේ කොටස මාංශමය වශයෙන් හඳුන්වනු ලබන අතර ඊට අයත් ශක්ති ජාලයන්හි ක්‍රයාකාරීත්වයන් අනුව ඊට  මනස වශයෙන් සඳහන් වේ. අතීත - වර්තමාන - අනාගතය වශයෙන් ත්‍රි කාලයන් මනා කොට සිහි ගැන්වීමේ බලය ඊට අයත් මුලික ක්‍රියාදාමය වේ. විශ්ව ධර්මතා හොඳ හා නරක වශයෙන් හඳුනා ගැන්වීමේ බලයද ඊට අයත් වේ. එසේම ඒවා කරණ කොට ගෙන රාග - ද්වේශ - මෝහාදී අසාත්මික තාවන් නිපදවීමේ බලයද මෙත්තා - කරුණා - මුදිතා දී වශයෙන් ඒවා මැඩ පැවැත්වීමේ බලයද මේ මානස ක්‍රියාදාමයන් මගින් සිදු කරණු ලැබේ. බෞද්ධ දර්ශණයේදී මේ ක්‍රියාදාමය සිත නමින් වැහැරේ. පෘතුවියෙහි නැගෙනහිර ක්ෂිතජය මගින් බල ගන්වනු ලබන මේ ස්වභාවික ක්‍රියාදාමය තුලින් මානව නම් වූ සත්ව කොටස බිහිව වත්නා බව අවධාරණය කර ගත යුතුය.

දිව්‍ය බලය

      මානවයාගේ දෙවන ශක්ති ස්කන්ධය වූ කලී දිව්‍ය නම් වේ. දිවෙහි ශක්තිය කරණ කොට ගෙන මේ බලය හා අනුහස් නිර්මාණය වේ. මනසෙහි ශක්තිය පිටතට ගෙන එන බලය දිව මගින් සිදු වේ. මානව‍යාගේ සංනිවේදනීයත්වයන් පිටතට ගෙනයාම මෙයින් සිදු වේ. ලෝක ධර්මතාවන් සියල්ල හඳුනා ගෙන එවා තවත් කෙනෙකුට ගෙන යාම සඳහා දිව භාවිතය.

     ලග්න ශිර්ෂය මගින් ලෝක ධර්මතා හඳුනා ගැනීමද ලග්නයෙන් දෙවැන්න මගින් එනම් දිව මගින් ධර්මතා නිවේදනය කරලීමද ආදී වශයෙන් මෙහිදී මානව ක්‍රියාකාරීත්වයන්ගේ පවත්නා ස්වභාවයන් හඳුනා ගත යුතුය.

     මෙකී ශක්ති ප්‍රභේදය නොහොත් දිව්‍ය බලය ජෝතිෂ්‍ය ශාස්ත්‍රයේදී පියාසර ගුණාංගයෙන් සමන්විත පංච පක්ෂි ශාස්ත්‍රය යනුවෙන් ඉගැන්වේ. ඒ වූ කලී ඉතා පුළුල් වූ විෂය ධාරාවකි. ශබ්ද විද්‍යාව වශයෙන් විස්තර කොට දැක්වෙන් එම විෂය ධාරාවන් තුලින් ලොව අග්‍රගන්‍ය ධර්ම ග්‍රන්ථ රාශියක් නිර්මාණය කොට පවතින්නේය. සුවාසූ දහසක් වූ ධර්ම ස්කන්ධයද දිව්‍යමය බලයෙහි අග්‍රගන්‍ය ප්‍රතිපල ලෙසට හඳුනා ගත හැකිය.

පාතල බලය

     මානවයාගේ තුන් වන ශක්ති ප්‍රධානය වූ කළී පාතල නම් වේ. එනම් මානවයාට අයත් වූ සියළුම භෞතික ශක්ති ජාලයන් ඊට අයත් වේ. සිරුර තම ජානගත සියළු උරුමයන් වස්තුව දේපළ ආදී වශයෙන් පවත්නා සියල්ලද ඊට අයත් වේ. මී‍ට උදාහරණයක් වශයෙන් සර්වඥයින් වහන්සේ ඉපදීම සඳහා කාලය - දීපය - දේශය කුලය හා මව් යන පංච විද දෘෂ්ටීන් පරික්ෂා කළ බවට බෞද්ධ සාහිත්‍ය මගින් විස්තර කෙරේ. එනම් මේ සියල්ල පාතල නම් වූ විෂය හා සම්බන්ධ වූ කරුණු ලෙස අවධාරණය කළ යුතය.

      සඳු සිතට අධිපතියාය. යන්න ජෝතිෂ්‍යයෙහි පිලිගැනීමකි. එබැවින් හඳ + හන බිහි වීම සිදු වී ඇත. සිත මනුෂයා විසින්ම අත් විඳිනු ලබන විශ්ව ශක්තියකි. මේ උත්තරීතර ශක්තිය විද්වංශණය කල හැක්කේ අකුශල කර්මයන්ට පමණකි. එබැවින් පහත සඳහන් වූ බුද්ධ භාෂිතය මහානුභාව සම්පන්න බුද්ධ මන්ත්‍රයක් ලෙසට බොහෝ දෙනා විසින් භාවිත කරනු ලැබේ.

සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා

සචිත්ත පරියෝ දපනං - ඒතං බුද්ධානු සාසනං

අදහස

සියළු පාප කර්මයන් සිඳලීමද   - කුශල කර්මයෝ බල ගැන්වීමද

සිත පාලනය කොට ගැන්වීමද - සියළු බුදු වරයින්ගේ ධර්මය නම් වේ.

ශාස්ත්‍රඥ - කොත්මලේ සෙනෙවිරත්න

තව කියවන්න.............

 

 

 

‹ පෙර 1 2 3 4 5 6 7 8 පසු ›