අමතන්න
: 0714 007 494
: 0115 647 564
: Iranamalanka

විශේෂ ලිපි

 

<<දෙසැම්බර් මාසකොහොමද ?>>

   

     2015 වසරට ආයුබෝවන් කියන්න තවත් ඇත්තේ සීමිත දවස් ගණනක් පමණකි. හොඳ - නරක ඒ අතට මේ අතට පෙරළෙමින් රාජ්‍ය තන්ත්‍රයේ මෙන්ම සුවහසක් ජනතාවගේද ජීවිත වලට ගෙවී යන වසර මොන තරමේ බලපෑමක් සිදු කරන්නට ඇත්ද යන කාරණාව ඒ ඒ ලග්න වශයෙන් ඉදිරිපත් කිරීමට ඉරණමලංකා ආයතනය නිතරම සැදී පැහැදී සිටින ආකාරය ඔබ හොඳින්ම දන්නා කාරණයකි.

     2016 තවත් වසරක් උදා වෙන්නට පෙර ඉදිරි දවස් 31 ඇතුලත ද යම් යම් කටයුතු නිමාකරන්නට ඔබ තුල පවතින උනන්දුව පිළිබඳව අප දනිමු. විවාහයට - විභාගයට - ගෙවල් දොරවල් සෑදීමට - ඉඩකඩම් ගැනීමට - විදේශ ගත වීමට ආකාර කුදු මහත් බලාපොරොත්තු රාශියක් අතර යමක් ඔබටත් පවතින්න පුළුවන්. ඉතින් ඒ සඳහා දෙසැම්බර් මාසය තුල පවතින ග්‍රහ පෙළ ගැස්ම තුලින් ඔබට කුමන ආකාරයේ පිටිවහලක් ලැබේද යන්න සමෝලනය කර දීමට අප මෙවරත් කටයුතු කළෙමු.

සිකුරු බලවත් වේ

     ඉකුත් මැයි 30 පටන් මාස 6 ක් පුරාවට ස්වකීය වාසස්ථානයන්ගෙන් බැහැරව අස්ථානගතව දුබල වූ සිකුරු ග්‍රහයා නොවැම්බර් මාසය අවසන් වන විටම ස්වකීය තුලා රාශියට පැමිණ බලවත් වීම වූ කලී සමස්ථ මානවයාගේම වාසනා භාග්‍යයන් ඉස්මතු කර දෙන ඉතා අනගි ග්‍රහ සංසිද්ධියක් වශයෙන් සැලකේ. කලාවට - සෞන්දර්යයට - ශිල්පයට - ස්ත්‍රින්ට හා දරුවන්ට කාරකයා වශයෙන් සැලකෙන සිකුරු ග්‍රහයාගේ බලවත් වීම වූ කලී හැම දෙයක්ම නිදොස් වීමට ස්වභාව ධර්මයේ ආශිර්වාදය උදා වීමක් ලෙසට සැලකිය හැකිය.

     සිකුරු දේවත්වයට පත් වන ග්‍රහයෙකි.  එනම් වල්ලි දෙවඟන බවට පත් වන්නේ සිකුරු ග්‍රහයාය. දමිළ භාෂාවෙන් වෙල්ලි අම්මන් යන පූජනීය අර්ථයෙන් පිදුම් ලබන සිකුරු - කුජ ග්‍රහයා සමග සරණ බන්ධනයට පැමිණිම මිනිස් ජීවිත වල සරාගි බව ඇති කිරීමට ‍පිටිවහලක් වන බවට ජෝතිෂ්‍යයෙහි සඳහන් වේ.

     දෙසැම්බර් මාසය තුල පෙම්වතුන් මහා රසාලිප්තයින් බවට පත් වේ. නව යොවුන් තරුණ හදවත් එකිනෙකට ගැටෙන මේ දෙසැම්බර් මාසය 23 ගත වන විට නොසිතූ විරූ ආකාරයෙන් මගුල් සක්වලක සිරි ගෙන දීමට හැකියාව බලපාන කාලයක් වේ.

     සමස්ත කලා ලෝකයටම මේ කාලය ඉතා සුබ දායක ප්‍රතිපල අත්පත් කර දේ. 2015 වසර ගෙවී යන ආසන්නයේ මෙන්ම ඊලඟ වසර උදා වන අවස්ථාවද සුවහසක් පෙම් මල් පූදින වසන්නතයක් බවට පත් වීම නොවැලැක්විය හැකි වේ.

     දෙසැම්බර් මාසය පුරාවටම පහන් තරුව නම් විරුදාවලිය ලැබූ සිකුරු ග්‍රහයා පාන්දර 3 ත් 5 ත් අතර කාලය තුල නැගෙනහිර අහසේදී ඔබට දකින්නට හැකියාව ඇත. කවි කාරයින් මන්මත් කරවන සිකුරු ග්‍රහයා දරු දැරියන්ගේ අධ්‍යාපන කුශලතා ඔප්නංවන සරස්වතී දෙවඟන බවටද පත් කර ගත හැකි වේ. ඒ සඳහා විශේෂ සරස්වතී යෝග උදාවක්ද දෙසැම්බර් මාසය තුල දක්නට ඇත.

      සුපුරුදු පරිදි දෙසැම්බර් 16 වන දින සිට ධනු කෝණය උදා වේ. ගෙවල් ඉදිකරන අයට මේ  කෝණ මාසය කුමන පදනමක් මතවත් මුල් ගල් තැබීමකට ගලපා ගත නොහැකි වේ. කෝණය යනු සමකයට ඉහළින් හිරු සංක්‍රමණය වන කාලය වන අතර  ඒ මාසය තුල ගෘහාරම්භයෙහි යෙදෙන අයට ඉමහත් වූ විනාශකාරී අත් දැකීම් වලට ගොදුරු වන ආකාරය දීර්ඝ කාලීන වූ අත් දැකීම් මගින් අප විසින් ප්‍රත්‍යක්ෂ කොට ඇති බවද මෙහිලා සඳහන් කළ යුතුය.

      ග්‍රහ වළල්ලෙහි සුන්දරත්වයන් හා දැහැමි බව හා සත්‍යවාදී ගුණයද ඉස්මතු කර දෙන ගුරු - සිකුරු දෙදෙනාම බලවත් වීම නිසා හැම කෙනෙකුටම වාගේ යහපත් අත් දැකීම් ලබා ගත හැකි කාලයක් ලෙසට වසර අවසානය පවතී.

      2015 දෙසැම්බර් 25 වන දින සිට සිකුරු ග්‍රහයා සෙනසුරු හා මිත්‍ර සමාගමකට ගමන් කරයි. නිසර්ග මිත්‍රශීලී ග්‍රහ යුවළක් වෘශ්චික රාශියේදී හමු වීම ඉතා සුවිශේෂි වූ  ග්‍රහ තත්වයකි. ඒ පිළිබඳව ඉදිරි කාලය තුල විස්තරයක් බලාපොරොත්තු වන්න.

      දෙසැම්බර් 25 දක්වා මේ කාලය තුල යානවාහන - ගෙවල් දොරවල් හා දේපල මිලදි ගැනීමට බොහෝ දෙනාට අවකාශ වරම් හිමි වේ. කල වයස ඉක්මවා ගිය අයටද නන්දනීය පෙම් සුව විඳීමට ඉඩකඩ සලසන දෙසැම්බර් මාසය අසිරිමත් නත්තල් උදාවට යම් පෙරවදනක් වන්නේ ද යන්න තව දුරටත් විමසා බැලිය යුතුය.

 

ඉරණමලංකා

 

 

 
   

 

‹ පෙර 1 2 3 පසු ›