අමතන්න
: 0714 007 494
: 0115 647 564
: Iranamalanka

විශේෂ ලිපි

 

නොවැම්බර් 17 වෙනිදා රවි මාරුව ගැන                                                                     මුල් පිටුවට

 

     අද හිරු ගමන පිළබඳව අප බොහෝ දුරට තොරතුරු විමසා බලන්නේ අප්‍රේල් 14 වෙනිදාය. ඒ හිරුගේ මේෂ රාශි සංක්‍රාන්තිය ලොවට ඉමහත් වූ බලපෑමක් සිදු කරණ බවට පවතින ජෝතිෂ්‍යය මතය නිසාය. නමුත් මේෂ රාශියේ සිට මාසයට එක් වරක් බැගින් රාශි 12 ටම 12 වරක් සිදුවන හිරු ගමන් පිළිබඳව කතාබස් කිරීමට බො‍හෝ දෙනා උනන්දුවක් නොදක්වති.

     මෙවර හිරු වෘශ්චික රාශියට සුපුරුදු පරිදි නොවැම්බර් මස17 වන දින පාන්දර 12 .04 ට ගමන් කරන බව දක්නට ලැබේ. හිරු යනු සූර්යාය. ග්‍රහලොවේ රජු වශයෙන් විරුදාවලිය ලත් හිරු රාත්‍රී 12.00 ට කාල බලයෙන් බින්දුවටම බසී. දවල් දොළහ කාල බලයෙන් 360 ක ප්‍රමාණයට උච්ච අවස්ථාවට පත් වේ.

     හිරුගේ බලය ඉතා සූන්‍ය වූ ඉතා උද්වේගකර අවස්ථාවක සිදු වන මේ වෘශ්චික සංක්‍රාන්තිය තුලින් ලොවට කුමක් සිදු වේද ? හිරු ගමන් කරන්නේ ස්වකීය නිච ගතියෙන් අත්මිඳී කුජ ග්‍රහයාට හිමි මිත්‍ර රාශි ස්ථානයකටය. නුමුත් ඒ මිත්‍ර ස්වභාවය අභිබවා එහිදී දක්නට ලැබෙන්නේ බරපතල සතුරු පීඩාවකි.

     වෘශ්චික රාශියේ අනුර නැකතෙහි එනම් ශනි ග්‍රහයා ශනිගේම නැකතක ගමන් ගන්නා අවස්ථාවකදී ශනිගේ පරම සතුරු විදිහට සැලකෙන හිරු ග්‍රහයාද එතැනට පැමිණීම ඉතා කටුක ප්‍රතිපල රාශියක් උදා කල හැකි පාප යෝගයක් විදිහට සැලකේ. රවි - ශනි යුවළ අඟහරුගේ රාශියක සංයෝග වීමද ඒ අවස්ථාවේදී හිරු බරපතල ලෙස කාල බලයෙන් දුබලව ප්‍රත්‍යාරී නම් වූ පාප නැකතක සිටීමද යන කරුණු කාරණා පිළිබඳව විමසා බැලීමේදී ශ්‍රී ලංකාව ආසන්න කලාපය නොහොත් ඉන්දියන් සාගර කලාපය තුලට ඉතා කටුක  හා අමිහිරි සිදුවීම් රාශියක් ඉදිරි සීමාව තුල සිදුවීමේ අවකාශ පවතී.

     රාජ්‍ය කාරක රවි ග්‍රහයාගේ දුබල වීම නිසා රජයටද දැඩි පීඩාකාරි ක්‍රියාදාමයකට ගොදුරු වීම වැලැක්විය  නොහැකි වේ. කාලගුණ විපර්යාසයන්ගෙන් මහජනතාව අන්ත අසරණ භාවයට පත්වන අතර වසංගත රෝග පැතිරී යාමටද ඉඩකඩ සලස්වයි. ලෝකය පුරා තැන් තැන්වල යුද්ධමය වාතාවරණයක් ගොඩනැ‍ඟෙන අතර සතුරු ආකල්පයන්හි සැඩ වර්ධනයක් සිදුවේ. ඉස්ලාමීය සටන් කරුවන්‍ට ඉමහත් වූ විනාශකාරී කාලයක් වන අතර ආහාර අර්බුදය ලොව පුරා තදින් පැතිර යන කාල සීමාවක් බවද පෙනේ. ඉදිරි ආසන්න සති දෙකක කාලය ලොවටම බරපතල අසුබ විපාක පමුණුවන අතර ශ්‍රී ලංකාව දකුණු ඉන්දියාව ඇතුළු කලාපීය රටවල රාජ්‍ය නායක කාරකාදීන්ට දැඩි පීඩකාරී අවස්ථාවන් උදා වේ.

      ඉරණමලංකා ආයතනය නිරන්තරයෙන් ඔබ හමුවට මෙබඳු ‍විශේෂාංග ඉදිරිපත් කරයි. වෘශ්චික - ධනු - මකර ලග්න හිමියන්ට සේම අනුර - දෙට - මුල පුවසල - උත්‍රසල - සුවණ - දෙනට නැකැත් වලින් උපන් සියළු දෙනාටද න- ය - බ - ජ -ඛ - ඤ අක්ෂර වලින් නාමය කියැවෙන අයටද මේ සීමාව තුල බරපතල අසුබපල තත්වයන් බලපාන බැවින් ස්වකීය ආත්මාර්ථකාමීත්වයන් අතහැර බුද්ධිය හා සංහිඳියාව වෙනුවෙන් කටයුතු කරණ ලෙසට මෙයින් දන්වා සිටිමු.

 

ජෝතිෂ්‍යවේදී

කොත්මලේ සෙනෙවිරත්න

ඉරණමලංකා

 

 

‹ පෙර 1 පසු ›