අමතන්න
: 0714 007 494
: 0115 647 564
: Iranamalanka

විශේෂ ලිපි

                               බකමූණු හඬට බිය නොවන්න                                               

      වනගත ප්‍රදේශ වල මෙන්ම ගම්මානයෙහිද සැඟව ජීවත් වන නිශාචර පක්ෂියෙකු වූ බකමූණා ඉතා අහිංසක සත්වයෙකි. දවාලට අඳුරු මුල්ලකට වී නිහඬව බලා සිටින මේ සතා රාත්‍රි කාලයෙහි ඒ මේ අතර පියඹා ගොස් ආහාර ලබා ගැනීමට පෙලඹෙන ස්වභාවයක් ඇත.

       මේ සත්වයා අහිංසකයෙකු වුවත් උගේ ශබ්දයට ගැමියන් දක්වන්නේ බරපතල බියකි. කාට හෝ ගමේ කෙනෙකු‍ට හෝ බොහෝ දෙනෙකු‍ට කරදර - විපත්ති - බිය හා ලෙඩ රෝග මාරක විපත්ති වැනි දේවල් එළඹෙන්නට පෙර බකමූණු හඬ ඇසෙන බවට විශ්වාසයකි. සැබවින්ම තම විරුද්ධ ලිංගිකයා සොයා ගැනීම සඳහා හඬ තලන බකමූණු ශබ්දය පාළුව බිද හෙලන මූසල ශබ්දයකි.

       සකුණ නිමිති ගැන දැඩි විශ්වාසයක් ගැමියන් තුල පවතී. ස්වභාව ධර්මය සුපුරුදු නිහාඬියාවෙන් නිකුත් කරනු ලබන මෙබඳු සමහර පණිවිඩ සත්‍ය බවට තහවුරු වන වාර අනන්තය.

      උදාහරණයක් ලෙස ඉකුත් භිෂණ සමයෙහි ගම්දනව් සිසාරා මේ භයානක බකමූණු හඬ වරින් වර රැව්පිළිරැව් දෙන්නට විය. එවිට ඒ ආසන්නයේම කාගේ හෝ අමානුෂික මරණයක් සිදු විය. මෙය කිසි කෙනෙකුට තේරුම් ගත නොහැකි සරල සංසිද්ධියකි.

      තවද බල්ලන් උඩු බුරුලෑම - බළලුන් රංචු පිටින් කෑ කෝ ගැසීම ආදී සකුණ නිමිති රාශියක් හඳුනා ගත හැකිය. මේ සියල්ල අතරින් බකමූණු හැඩීම ගැමි හදවත බිය ගන්වන සුළු දුර්දාන්තයක ලක්ෂණයක් බව පැවසිය යුතුය. ඉතා මෑතකදී මගේ හිතවත් මහත්මයෙකුගේ ඉල්ලීමක් ඉටු කිරීම සඳහා මා විසින් මේ සතා පලවා හැරීමට සුදුසු වස් බන්ධනයක් සකස් කරනු ලබූ අතර එය ඉතා සාර්ථක හා ඉමහත් වූ ශාන්ති දායක ප්‍රතිපල උදා කළ බවට කියැවිණි.

        ඔබටත් බකමූණු හඬ නිරන්තරයෙන් ඇසේ නම් එය යහපත් දෙයක් නොවනු ඇත. එබැවින් ලුණු - කහ කුඩු මිශ්‍ර කොට පහත සඳහන් කවි පෙළ හත් වරක් කියා මතුරා දැල් වෙන ලිපට දමන්න . බකමූණා ඔබේ ප්‍රදේශයෙන් ඉවත් වී යනු ඇත. මෙය සාර්ථක පිළියමක්දැයි බලා කරුණා කර රිවිර‍ට ලියා දන්වන්න.

නංවා හිරුගේ රැස් දහරා සැම අකුශල් නිවී සලසා                                                දෙමිනා

කැන්දාගෙන ශ්‍රි වල්ලිය හා දොළසතකින් නිවා අනුහස්                                           වඩනා

නාඬා බකමූණා ඉගිලී ගම හැරදා ගියේ බියවී ‍                                                    ලෙසිනා

පෙම්මාදරයෙන් සිත් සනසා හඬ නොතලා ඉඳින් කදිරා                                         වරෙනා

ශාස්ත්‍රඥ

කොත්මලේ සෙනෙවිරත්න

‹ පෙර 1 පසු ›