අමතන්න
: 0714 007 494
: 0115 647 564
: Iranamalanka

සෙත්කවි


<සෙත්කවි ගැන යමක්>

        චිරාත් කාලයක පටන් බෞද්ධ අපේ සිංහල සංස්කෘතිය තුල සෙත්කවි ශාස්ත්‍රය නමින් විෂයක් භාවිතව පවතී. ලෝකයේ රට රටවල බස්වහර දහස් ගණනක් භාවිතව පැවතුනත් ඒ සියල්ල අභිබවා සිංහල භාෂාව තුල භාවිතව පවතින සෙත් කවි ක්‍රමවේදය මගින් මිනිසුන්ට පැමිණෙන නොයෙකුත් දුක් කරදර - සිත් තැවුල් - රෝග පිඩා - ධනහානි - පවුල් අවුල් - සතුරු බලපෑම් ආදී කී නොකී බොහෝ දේවල් සමනය කර දීමේ හැකියාවක් මේ සෙත් කවි ශාස්ත්‍රය තුල පවතී.

      සිංහල භාෂාවේ භාවිත ශක්ති අක්ෂර 112 ක් මිනිස් මුවගින් නිකුත් වේ. ඒවා යොදා ගෙන විශ්ව ශක්ති ධාරාවන් සකස් කිරීමටත් ඒ මගින් මානවයට පැමිණෙන නොයෙක් ‍දුක් ගැහැට නිවාරණය කර ගැනීමටත් හැකියාවක් සලසන මේ සෙත් කවි ශාස්ත්‍රය “ශබ්ද විද්‍යාව”නමින් ප්‍රකට වේ.

      ශබ්ද විද්‍යාවෙහි ශක්තිය - බලය හා අනුහස් මැනවින් ප්‍රකට කර දෙන බුද්ධ කාලීන වූ පුජනීය නිබන්ධනය මහ පිරිත් පොතයි. එහි සඳහන් වන සූත්‍ර නිබන්ධන සියල්ලම එක් එක් ආකාරයේ අවශ්‍යතා වෙනුවෙන් සකස් කරන ලද බව එම සූත්‍රයන්හි ප්‍රාරම්භයන්හි සඳහන් කොට ඇත.

       බොහෝ පිරිත් සූත්‍රයන් ආරම්භ වන්නේ ඒවං මේ සුතං ........ ආදී පාඨය යොදා ගැනීමෙනි. එක්  සමයෙක් හි මා විසින් මෙසේ අසන ලදී යන අර්ථයෙන් යුක්ත වුවත් ඒවං යන පාඨය ඕං අක්ෂරය හා සමගාමී යෙදීමකි. එනම් මන්ත්‍ර නිබන්ධනයෙහිදී ශාස්ත්‍රෑන් වහන්සේලා බහුලව පරිහරණය කරන ලද ඕං අක්ෂරය වෙනුවට බුද්ධ කාලීනව භාවිතා කොට ඇත්තේ ඒවං යන යෙදුමයි.

      පිරිත් සූත්‍ර වූ කලී බුද්ධ මන්ත්‍ර ලෙසට යොදා ගනු ලබන ශාන්ති කර්ම විශේෂයකි. සෙත්කවි නිර්මාණයන් තුලින්ද මේ ආකාර ශබ්ද නිර්මාණයන් සකස් කරනු ලබන අතර ඒවා මානවයාගේ කුදු මහත් ව්‍යසනයන් සමනය කර ලීමට භාවිතා කරන්නේ කෙසේද යන්න පියවරෙන් පියවර විස්තර ගෙන ඒමට kothmale-senavirathne.com මගින් නව ලිපි පෙළක් අරඹා ඇත. ඔබට අපේ වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳව දැනුම් සම්භාරයක් ලබා ගත බවට මෙයින් දන්වා සිටිමි.

iranamalanka.com

ජෝතිෂ්ශාස්ත්‍රඥ - කොත්මලේ සෙනෙවිරත්න

 

 

‹ පෙර 1 පසු ›