අමතන්න
: 0714 007 494
: 0115 647 564
: Iranamalanka

ජොතිෂය

 

        ජෝතිෂ්‍ය යනු කුමක්ද?

      මඟ තොරතුරු දැනගෙන මහ පාරට බැස්සොත්  ගමන හරිම පහසු දෙයක් වනු ඇත.ඔබට තමන්ගේ ජන්ම පත්‍රය අවශ්‍ය වන්නේත් එබඳු කටයුත්තක් සඳහාය. හඳහනක් මගින් ඔබට යායුතු ඉසව්වේ පවතින හොඳ නරක පිළිබඳව යම් පැහැදිළි දසුනක් ලබා දෙයි.තවද හඳහන මගින් ඔබට මග සලකුණු කියා දෙන සිතියමක් මෙන් ඔබට අයත් ජය මාවත සනිටුහන් කරදෙනු ලැබේ.

     මේ මිහිපිට අපේ ජීවිත හා බන්ධනය වූ ශක්ති ප්‍රභේද වශයෙන් මහ පොළව - සුළඟ - ජලය - ගින්දර හා රික්තකයද වශයෙන් කොටස් පහකට බෙදා දැක්වේ.මේ කොටස් පහ යම් ඒකකයක් බවට පත්වී වායුගොලයක් වශයෙන් ක්‍රියාත්මක. මේ මහ පොලව ඇතුළු  වායුගෝලයට භාහිරින්  සමස්ථ විශ්වය පුරාම පැතිරුණු ආකාශ වස්තු වල බලපෑම අනුව මේ වායුගෝලයේ ශක්තිය හා බලය රැඳී පවතින බව සඳහන්වේ. යථෝක්ත ආකාශ ග්‍රහ වස්තූන්ගේ සංක්‍රමණික පරිභ්‍රමණය ආදී විෂමතා කුමන ආකාරයෙන් මේ වායුගෝලයට ලැබේද යන්න ගණනය කරදෙනු ලබන ශාස්ත්‍රය ජෝතිෂය නම් වේ.

      මානවයා විසින් තම ජීවිතයේ සතුට - ස්ථාවරය - පැවැත්ම - ආරක්ෂාව හා මෝක්ෂය උදෙසා කටයුතු කරන විට ඒ පිළිබඳව විමසිලිමත් බවක් අවශ්‍ය වේ. ඒ පරික්ෂාකාරී බව තහවුරු කරදෙන ජෝතිෂ්‍ය වූ කලී ගණිතමය ක්‍රමවේදයකි. ග්‍රහයින්ගේ ක්‍රියාකාරීත්වයන් කරන කොට ගෙන ඔබට මුහුණ දීමට සිදුවන බලපෑම් බොහෝමයක් හොඳ හා නරක වශයෙන් ඔබට පෙන්වා දීම සිදු කෙරේ. එවිට යහපත් දේවල් සංවර්ධනය කර ගැනීමටත් අසුබ දේවල් දුරු කර ගැනීමටත් ඉඩ කඩ සලස්වා දෙන බැවින් ජෝතිෂ්‍ය පෙරදිග ඉතා අර්ථවත් වූ සංස්කෘතිකාංගයක් වශයෙන් ප්‍රචලිතය.

     ජෝතිෂ්‍ය - වාස්තු විද්‍යාව - ‍සෙත්කවි - බුද්ධ මන්ත්‍ර ක්‍රමවේද ආදිය පිළිබදව ජනතාවට  අවශ්‍ය කෙරෙන දැනුම වර්ධනය කරමින් ඒ තුලින් තම ජීවිතයේ එලඹෙන දුෂ්කරත්වයන් හඳුනා ගැනීම‍ට හා ඒවාට පිළිවෙත් සකස් කර දීමට සැමදෙනා දැනුවත් කරලීම අපේ අරමුණයි.

     බොරුව - අදක්ෂකම- නොදන්නාකම හා මුලා කිරීම් ආදියෙන්  දූෂ්‍ය වී ඇති ක්ෂේත්‍රය තුල විනිවිද භාවයෙන් එලොව මෙලොව තකා යම් සේවයක් ඉටු කර දීම අපේ අරමුණ වේ. www.kothmale-senavirathane.com වෙබ් අඩවියට ජෝතිෂ්‍ය ශාස්ත්‍රය අරභයා ඔබව සාදරයෙන් පිළිගනිමු.

 

 

 

‹ පෙර 1 පසු ›