අමතන්න
: 0714 007 494
: 0115 647 564
: Iranamalanka

ජොතිෂය


 

*ශනි ඒරාශ්ටකයෙන් මිදීමට අප ඔබට තිළිණ කරන මේ මාහැගි සෙත්කවිය කියවීමෙන් ප්‍රර්ථනා           කරන සියළු බලාපොරොත්තු එලෙසින්ම ඉටුවේවා.*                                        

 

 ♦ ශනි මාරුව 

 

v   . 2014 නොවැම්බර් 02 වන දින ශනි ග්‍රහයා වෘශ්චිකයට ගමන් කරයි. රටට

     කොහොමද?    

v   . ඔබට කොහොමද?

            වසර 28 කට පසු ශනි ග්‍රහයා සුපුරුදු පරිදි රාශි චක්‍රය පුරා වටක් ගමන් කොට යළිත් වෘශ්චික රාශියට ආගමනයක් සිදු වීමට නියමිතය. 2014 නොවැම්බර් මස 02 වන දින පටන් පුරා වසර 2 යි මාස 3 ක කාලයක් ස්වකීය අනභිබවනීය තුලා රාශියෙන් ඉවත් වී පෙරළිකාර රාශියකට පැමිණෙන ශනි ග්‍රහයා මෙහිදී තම රාශි චක්‍රයේ ඉතාම තීරණාත්මක වූ තැනකට පැමිණීමක් සිදු වේ. ඒ වූ කලී ලෝකය පුරා දේශපාලනමය හා කාලගුණ විපර්යාසයන් සමූහයක් ඇති කළ හැකි එසේම මනුෂ්‍යයින්ගේ සිත් සතන් උඩු යටිකුරු කල හැකි අසාමාන්‍ය ග්‍රහ මාරුවක් ලෙසද මෙය සැලකේ. ශනි ග්‍රහයාට වෘශ්චික රාශිය සතුරු ස්ථානයකි. රාශි චක්‍රයේ 8 වන රාශිය වශයන් සැලකන වෘශ්චිකය ද්‍රෝහීන්ට යමහලක් බඳු ඉතා බරපතල ව්‍යසනයන් ගෙනදෙන ස්ථානයකි.

            මීට පෙර අවස්ථාවේ ශනි ග්‍රහයා වෘශ්චික රාශියට පැමිණියේ 1985 සැප්තැම්බර් 17 වන දිනය. එතැන් සිට වසර 2 1/2 කට ආසන්න කාලයක් වෘශ්චික රාශියේ ගමන් කළ ශනි ග්‍රහයා 1987 දෙසැම්බර් 17 දක්වා එහි සැරිසැරීය. එම කාලය තුල දේශපාලන අරගලයන්ට මැදිහත් වූවන්ගේ මළගම සිදු කළ කාල සීමාවක් විය. ජනතා විමුක්ති පෙරමු‍ණේ සන්නද්ධ අරගලය කීතු කීතු කොට ඉරා දැමීමට බලපා ඇත්තේ ශනි ග්‍රහයායි. මෙයාකාර වූ ලෝක ඉතිහාසයේ ඉතා දැවැන්ත ලෙසට විප්ලවීය ජනතාවගේ අවසානය නිගමනය කළ ශනි ග්‍රහයා මෙවරද වෘශ්චික රාශිය තුල ඉමහත් වූ කාර්යය භාරයක් ඉටු කිරීමට සමත් වන බව ‍පෙනේ. එසේනම් ලෝක ඉතිහාසයේද ලංකා ඉතිහාසයේද ඉතා බරපතල කාරණා කිහිපයක් ඉදිරි වසර 2 ½  තුල ඉටු කිරීමට ශනි ග්‍රහාය සමත් වේද ? එය කුමන ආකාර‍යෙන් ඉෂ්ඨ සිද්ධ වේද? යන්න නිගමනය කළ හැක්කේ ජෝතිෂය වේදියාට පමණකි.

        2014 නොවැම්බර් 2 වන ඉරිදා රාත්‍රී 9.05 මිථුන රාශිය උදා වෙමින් පවතින අවස්ථාවේ ශනි ග්‍රහයාගේ සංක්‍රාන්තිය සිදුවන බැවින් මේ පිළිබඳව ඔබට කුමන ආකාරයේ බලපෑම් සිදුවේද යන්න නිගමනය කිරීමට අපි තීරණය කළෙමු. මෙය ඔබේ ලග්නය සඳහා යෙදෙන ග්‍රහ බලපෑම් වශයෙන් යම් යම් කරුණු සනිටුහන් කළත් සසර ඔබ ගත කරණා කුශල කර්මයන් මත මේවායේ ඇතැම් වෙනස් විම් ද සිදු විය හැකිය. ශනි ග්‍රහයා ඔබට කුමන බලපෑම් සිද්ධ කරයිද යන්න ‍ඔබේ කෙන්ද්‍රය තුලින්ම අවධාරණය කර ගත යුත්තකි. ශනි ග්‍රහයාගෙන් ඔබට සිදුවන අයහපත් හා යහපත් වූ ප්‍රවණතා ඔබට යම් අකාරයක බලපෑම් සිදු කිරීමට සමත් වේ. එවා හඳුනා ගෙන ශනි ග්‍රහයාගෙන් තමන්ගේ ජීවිතයට යහපතක්ම උදා කර ගැනීම සඳහා කටයුතු කරන ලෙසට මෙයින් අවධාරණය කර සිටිමු. ඔබ වෙනුවෙන් පිළියෙල කරණු ලබන ශාස්ත්‍රිය ගැඹුරු ලිපියක් ලඟදීම බලාපොරොත්තු වන්න.

                                                                                                        

                                                                                              කොත්මලේ සෙනෙවිරත්න

සැ.යුතුයි

 

   ¥  .ශනි මාරුව අළලා ඉදිරි වසර 2 ½ සඳහා ඔබේ කේන්ද්‍රයට අනුව විශේෂ පලාපල විස්තරයක් ලබා ගැනීම සඳහා අමතන්න.

   ¥ .සෙත් කවිය පිළිබද තොරතුරු කියවීමට ඉදිරියට යන්න.                       071 - 400 7494

 
   

 

‹ පෙර 1 2 3 පසු ›