අමතන්න
: 0714 007 494
: 0115 647 564
: Iranamalanka

ජොතිෂය

 

 

ශනි මාරුවෙන් ඇති වන පාප කර්ම දුරලීමට සෙත්කවියක්

 

        2014 නොවැම්බර් මස 02 වන ඉරිදා රාත්‍රී 9.05 ට සෙනසුරු ස්වකීය රාජ භවනේ සිට සතුරු රාශියක් වූ වෘශ්චිකයට ගමන් කරයි. පෙරළිකාර අනුකම්පා විරහිතව දුක් ගැහැට පමුණූවන මේ ශනි ග්‍රහයාගේ අනිෂ්ට බලපෑම් 2015 මැයි ගත වන තුරු ඉතා තදින්ම බලපාන කාලවකවානුව වේ. ඔබේ ජන්ම ‍කේන්ද්‍රය අනුව මේ කාල පරිච්ඡේදය කුමක් වුවත් සෙනසුරුගේ කර්කශ භාවය දුරලීම සඳහා සෙත් කවියක් භාවිතා කිරීමෙන් ඔබට ඉමහත් වූ සැනසිලිදායක තත්වයක් උදා වනු ඇත.

       එකම කවිය පේළි මාරු කොට චතුප්‍රස්ථාර ක්‍රමයට ගලපා ඇති මේ කවි පෙල දිනකට 9 වරක් කියවන්න. පලමු කොට පස් තෙල් පහනක් මේසය මත දල්වා මල් ජාති 3 ක් සහ දිය බඳුනක්ද තබා සුවඳකූරු - සාම්බ්‍රාණි දුම් අල්ලා මහා මංගල සූත්‍රය - රත්න සූත්‍රය හා කරණිය මෙත්ත සූත්‍රය කියවා ඊට පසු මේ කවි පෙළ 9 වරක් ඉතා සංවරව නිවැරදිව - පිරිසිදුව කියවන්න. රාත්‍රි 8.30 ට පමණ දින පතාම ආරම්භ කොට දින 21 ක් ගත වන තුරු කියවන්න. අවම වශයෙන් දින 7 කි. කිළිකුණු රහිතව පිරිසිදුව භාවිතා කරන්න. ආනන්තරීය පාප කර්ම හැර සියළු පාප වේග මැඩ පවත්වා සැනසිලිදායක තත්වයක් උදා කර ගත හැකිය. අවසානයේ දෙවියන්ට පින් දෙන්න. ඊට පසු ජල බඳුනෙන් පැන් ගෙන බුදුන්වහන්සේට එයින් ටිකක් පූජා කොට ඉතිරිය සෙසු අය පානය කිරීමට සලස්වන්න.

 

 

ඉරණමලංකා

කොත්මලේ සෙනෙවිරත්න

 

 

ශනි ඒරාශ්ටකය පිළිබද පෙර ලිපිය කියවන්න

 

 
   

 

‹ පෙර 1 2 3 පසු ›