අමතන්න
: 0714 007 494
: 0115 647 564
: Iranamalanka

ජොතිෂය

  මුල් පිටුවට

සුමුහුර්ථය ගැන ඔබ

නොදන්නා දේවල්

 

   දිනෙදා ජීවිතයේ දී සුබ නැකැත් භාවිතා කිරීමෙන් තම ජීවිතය ක්‍රමයෙන් ජයග්‍රහණය කරා ගමන් කරවීමට හැකි ආකාරය පිළිබඳව දන්නා අය ඉතා විරළය. ජෝතිෂ්‍යයෙහි ගැඹුර හා හරවත් බව පිළිබඳව නිශ්චිත අවබෝධයක් නොමැති සමාජ තත්වයන් තුල තම යහපත උදෙසා සුබ මුහුර්ථයක් උදාකර ගැනීමට බොහෝ දෙනෙකුට හැකියාවක් ද නැත. ඊට ප්‍රධානතම හේතුව වශයෙන් පළමුවෙන්ම සඳහන් කළ යුතු වන්නේ හරිහමන් දැනීමක් ඇති ජෝතිෂ්‍යවේදීන් සිටින්නේ කොහේද යන ප්‍රශ්ණයයි.

   සරක - දෙකක - තුනක වැනි ඉතා කෙටි කාලයක් පන්ති කාමරයකට ගොස් පැය කීපයක් ජෝතිෂ්‍යය ඉගෙන ගන්නා ආධුනිකයෙකුට අදාළ කාල සීමාව අහවර වනවිට බිත්තියක එල්ලා තැබීමට සුදුසු පරිදි විශාරද සහතික පත්‍රයක් නිකුත්  කරනු ඇත. ඊට යොමුවන ආධුනිකයා  තව දුරටත් එහෙන් මෙහෙන් පොත් කීපයක් කියවා බලා අහුලාගත් යම් දැනීමක් මත තම කටයුත්ත වෘත්තීය වේදියෙකු වශයෙන් ආරම්භ කිරීමට පොළොඹවන අතර මෙබඳු වෘත්තීය වේදීන්ගේ  අසම්පූර්ණ දැනීම නිසා සමාජයට ඇති වන්නේ ඉතා බරපතල අසාධාරණයකි.

නිවසට මුල්ගල් නැකතක් 

  දාහරණයක් විදිහට සළකතොත් ජීවිත කාලයක් පුරාවට තමන් විසින් එක්රැස් කොටගත් ධනය හා ශක්තිය වියපැහැදම් කොට ගෙයක් දොරක් සාදා ගැනීමට බලාපොරොත්තු වන අයෙක් මෙබඳු අයෙක් ළඟට ගොස් නැකතක් සාදා ගත්විට ඔවුන්ට ලැබෙනුයේ කුමක්ද ?

·        ලිත පෙරලා කියවා බලා ලිතේ සඳහන් වන ඉතා සුබ දිනයක් තෝරා ගැනීම පළමු පියවරයි.

·        2.එදිනෙදාට යෙදෙන නැකත - ජන්ම, සම්පත්, විපත්, ක්ෂේම ආදී වශයෙන් ඇඟිලි ගැන සුබ    අවස්ථාවකට ඇත්නම් යොදා ගැනීම දෙවන ක්‍රමයයි.

·        ඊට පසු හොඳ කාල හෝරාවක්, පංචම කාල හෝරාවක් හා තව දුරටත් සූක්ෂම වූ කාල හෝරාවක් ආදි වශයෙන් ගණන් කර නැකතක් ලියා දීම ඔවුන් විසින් අනුගමනය කරන ලද ක්‍රමවේදය වේ.

නැකත දුබල වීමේ විපාක  

    ජෝතිෂ්‍ය පිළිබඳව ඉතා සාමාන්‍ය දැනීමක් ඇති කෙනෙකුට වුවද මේ ටික කර ගැනීමට අපහසු නැත. මෙබඳු කිසිම පදනමක් නැති නැකැත් යොදාගත් අය සිතා ගැනීමටවත් අපහසු ආකාරයේ බාධක කම්කටොළු වලට මුහුණ දෙමින් ඉතා අමාරුවෙන් තම කටයුත්ත නිමා කර ගනිති. නැතහොත් අතරමඟ ඉදිකිරීම නවතා දමති.

   තවත් බොහෝ දෙනෙක් තම අතමිට තිබුණු මුදල් අහවර වී රැකියා කටයුතු ද අඩපනකොට ගෙන අයාලේ නිශ්පලත්වයට පත්වෙති.

මුහුර්ථය යනු මොහතකි  

චනයේ පරිසමාප්ති අර්ථයෙන්ම නැකත යනු කුමක් ද ? යන්න බොහෝ දෙනෙක් නොහඳුනති. “සුබ මුහුර්ථය” යන වචනය තුල මුහුර්ථය යනු මොහොතක් වශයෙන් සැලකේ. එනම් එම සීමාව තත්පර කිහිපයකි. එම තත්පර ගණන ඇතුලත මුහුර්ථයක්  සකස්කොට ගෙන නිවැරදිව භාවිතා කළවිට නැකැත් මුහුර්ථය කුමක්ද කියා ඔබට තේරුම් ගැනීමට හැකියාව ලැබේ.

ඉතා නිවැරදිව නැකත ගලපා ගැනීම

   උදාහරණයක් වශයෙන් සළකතොත්-: පිහිය කැපෙන ආයුධයකි , නමුත් පිහියේ කැපෙන තැන ඇත්තේ ඉතා සුළු සීමාවක් තුලය. එතැනද පිහියේ තුඩග සිට පිහියේ අග, මැද, මුල කියා සීමාවන් තුනක් හඳුනා ගත්විට ඒ ඒ තැන් එක් එක් කාරණාවක් සඳහා යොදා ගන්නා ආකාරය ඔබට තේරුම් ගත හැකිය. පිහි තුඩගින් කරන කටයුත්ත පිහියේ මැද කොටසින් ඉටුකර ගැනීම දුෂ්කර

    සුබ මුහුර්ථයක් විනාඩියක පමණ කාලයක් පවතින විට එයද තත්පර 20 සේ කොටස් තුනක් ආකාරයෙන් යොදාගෙන පළමු තත්පර 20 යොදා ගැනීමේ කටයුත්ත ඒ ඒ විෂයෙහිදී  වෙනස් වේ. අකුරු කියවීම, රැකී රක්ෂා ආරම්භය, වෙළදාම වැනි දේවල් සඳහා විනාඩියේ පළමු තත්පර 20 යොදා ගනු ලබන අතර, විනාඩියේ මැද තත්පර 20 ගොවිතැන් කටයුතු වලට මැණික් කර්මාන්තය, නිශ්පාදන කටයුතු ආදී දේවලට යොදා ගනු ලබති. අවසන් තත්පර 20 ඉදිකිරීම් වැනි වහ වහා අවසන් කරගත යුතු කටයුතු සඳහා යොදා ගනු ලබති.මේ ආදී ආකාර වශයෙන් සුභ මොහොත වූ කලී ඉතා සීමිත වූ තත්පර කිහිපයක් බව දන්නේ ඉතා අතලොස්සකි. ඉතා නිවැරදි ලෙසට නැකැත් යොදාගත් විට ඒ සඳහා අදාළ කාල වේලාව අන්තර්ජාලය මගින් හෝ ගලපාගෙන ඉතා නිවැරදිවම යොදාගත යුතුය. එවිට තම කටයුත්ත ඉතා වේගයෙන් හා අතමිට සරු වී සතුටින් අහවරයක් කර ගැනීමට අවකාශ සැලසේ. ඉතා නිවැරදිව ගෙවල් ඉදිකර ගැනීමට සුබ මොහොතක් සකස් කරගත්  විට ඊට අයත් මුල්ගල තබාගත් තැන් පටන් වැඩකටයුත්තෙහි නිරත වන සියළු දෙනා ඉතා උද්‍යෝගයෙන් හා වේගයෙන් කටයුතු වල නියැලීම විශේෂ ලක්ෂණයක් වේ. යකුන්ගෙන් වැඩගත් බවට ජනප්‍රවාදයෙහි සඳහන් වන සමහර කියමන් වලදී සඳහන් වන්නේ සුභමුහුර්ථයක බලය පිළිබඳවයි. වැඩෙහි නියැලෙන කාර්මිකයා යකෙක් හා සමානව වෙහෙස මහන්සිය නොබලා තම සේවය ඉටු කිරීම මෙහිදී සිදුවන පළමුවන කාරණයයි. ඉතා වැදගත් වූ වෙනසයි.

නැකතින් ලැබෙන ප්‍රතිඵල

    ඊළඟට කිසිම කිසි ආකාරයක අනතුරක් නොවීමද, අප්‍රමාදව දවසින් දවස කටයුතු ඉක්මන් වීම කොහෙන් හෝ මිල මුදල් ලැබීම, ලාභයට හා පහසුවට බඩුමුට්ටු ලබා ගැනීමට හැකිවීම, එතෙක් පැවති සතුරු කරදර නැත්තටම නැති වී යාම, ඇස්වහ, කටවහ, හෝවහ, හදි හූනියම් ආදී කිසිම දෙයක් ළං නොවීම, සෑම දෙනෙකුගේම ආශිර්වාදය ලැබීම වැනි බොහෝ හේතුපල බලවත් සුබමුහුර්ථයක් තුලින් ගොඩනගා ගත හැකි වේ.

භහිරවයා යනු සංකල්පයකි

   සමහර අය භහිරවදෝෂ වැනි අනවශ්‍ය සංකල්ප ඔස්සේ යමින් භහිරව පූජාදිය සඳහා නිකරුණේ විශාල ලෙස තම ධනය වියඳම් කරති. කෙසේ වෙතත් භහිරවයා යනු මිත්‍යාවක්ම නොවේ. නමුත් “භහිරව” යන විශ්ව ශක්තිය මහ පොළොව හා සම්බන්ධ වූ විද්‍යාත්මක සාධකයක් බවට බොහෝ දෙනා නොදන්නා කාරණාවකි. නිවැරදි ලෙස ඉදිකිරීම සඳහා මහ පොළව සූදානම් කර ගත් විට බහිරව දෝෂ ආදිය බලපාන්නේ නැත.

   සාහිත්‍යමය වශයෙන් භහිරවයා රූපගතකොට ඇත. නමුත් භහිරව යන විද්‍යාත්මක සංකල්පය හඳුනාගත් විට ඊට අදාලව නිවැරදි ඉදිකිරීම් කළවිට සියල්ල සමථයකට පත් වේ. මේවා ඇතැම් ඇදුරන්ගේ බඩවියත බවට පත්කරගෙන ඇති නිසා මෙහි  නිවැරදි අර්ථය අද සඟවා තබා ඇත.මේ සියල්ල ජෝතිෂ්‍යය හා සම්බන්ධ වූ වාස්තු විද්‍යාව තුලින්ම විමසා බැලිය යුතුය.

 පෙරපින්  ඉස්මතු කර ගැනීම

   ඉදිකිරීමකට හෝ වෙනත් ඔබේ ප්‍රධාන අවශ්‍යතාවකට සුබ මොහොතක් ලබාගත්විට එයින් ඔබට ලැබෙන ආශිර්වාදය නොහොත් පුණ්‍ය බලය සුළුකොට නොතැකිය යුතුය. ඉතා බලවත් සුබ මොහොතක් ඔබේ නිවස ඉදිකිරීමට යොදාගත්විට ඔබ සිතුවාටත් වඩා ඉතා කෙටි කාලයකින් තම කටයුත්ත අහවර කර ගැනීමට හැකියාව ලැබේ. එසේම රට වටේම ණයතුරුස් වී ගෙයක් හදා ගැනීම වෙනුවට කොහෙන් හෝ අවශ්‍ය කටයුත්ත සපුරා ගැනීමට ඉඩකඩ ලැබෙන පරිදි ඔබට විශේෂ ධනලාභ හිමිවීම තවත් විශේෂ කරුණකි. වැඩකටයුතු වල නිරත වන කාර්මිකයා මුදල් මත්තේම කටයුතු කරන බොරුකාරයෙකු බවට පත් නොවීමටද මේ නැකැත් බලයෙන් ලැබෙන තවත් වරප්‍රසාදයකි. ඊළඟට කලට වේලාවට ඉටුකර නොදුන් කටයුතු වේලාවටත් කළින් ඉටුකර දෙන නිලධාරීන් ඔබට ඕනෑ තරම් මේ කටයුත්තේ දී ඔබට සහය වනු ඇත.

    ගල් වැලි, ලී, ගඩොල් වැනි අමුද්‍රව්‍ය සිතුවාටත් වඩා ලාබයට හා පහසුවටත් ලබා ගැනීමට මේ නැකැත් බලයෙන් ඔබට අවකාශ සැලසේ. මෙහිදී ඔබ ඉදිකර ගන්නා නිවසේ ඔබට මෙන්ම සෙසු අයට දක්නට මෙහිදී ඔබට ලැබෙන ඉතා විශේෂ වූ කාරණාව වන්නේ නිවසින් නිකුත්වන කාන්තිමත් රැස් වලල්ල වේ.  මේ  ශ්‍රියා කාන්තා බලය මිල මුදලට ඔබට කවරදාවත් ලබා ගන්නට ලැබෙන්නේ නැත. ගේ තුල සිසිල, පින්වත් බව  හා රෝග පීඩා නිවාරණය වන විශ්ව ශ්‍ක්තීන් ද ඔබට ඇසින් දකින්නට ලැබෙන්නේ නැත. ඒ සපිරි විචිත්‍රත්වය හා කාන්දම් බලය ඔබට ලැබෙන්නේ නැකැත් බලය පදනම් කොටගෙන පමණය.

ඉල්ලමක් මැද මැණිකක් මෙන්

   නැකත වූ කලී මිත්‍යාවක් හෝ ඇදහිල්ලක් නොවේ. ඒ වූ කලී විද්‍යාත්මක ගණිතමය කටයුත්තක මහගු ප්‍රතිඵලයකි. සුභ නැකතක් තම නිවස ඉදි කිරීමට යොදා ගැනීමෙන් ඔබට ඔබේ ජීවිත කාලය පුරාවට පැතිරී යන පුණ්‍ය බලයක් ඉස්මතු කර ගත හැකිය. ඒ වූ කලී පරිණත අත්දැකීම් ලැබූ කෙනෙකුගෙන් පමණක් ලැබිය හැකි දේවාශිර්වාදයකි.

    ගෙයක් සාදා ගැනීමට ඉදිරිපත් වන කෙනෙකු තමන්ට ඉතා නිවැරදි ලෙසට සුභ මුහුර්ථයක් යොදා ගැනීම තුලින් හිමිවන වාසනා ගුණය මුළු ජීවිත කාලය පුරාවට ම වින්දනය කිරීමට අවකාශ ලැබේ. තරඟාවලියක් ක්‍රීඩාකොට ජයග්‍රහණය හිමිකරගත් ක්‍රීඩකයෙකු තුල ඇති වන වෙහෙස මහන්සිය හා අභිමානය හා තෘප්තිය යන ප්‍රතිඵලයන් ඔබට නිරායාසයෙන්ම ඔබට එහිදී ලබාගත හැකිය.

    සුභ මුහුර්ථයක් සාදා ගැනීමට පෙර විශේෂයෙන්ම ගෙහිමියාගේ හඳහන් පිටපත පරික්ෂාකොට බැලීම අත්‍යාවශ්‍ය කටයුත්තකි. ඇතැම් අය මේ සඳහා පවුලේ හඳහන් සියල්ලම රැගෙන එන අවස්ථාවන්ද අපට හමු වේ. ඒවා පරික්ෂා කිරීම යහපත් වුවත් ගෙයක් ඉදිකිරීමේ කටයුත්ත සපුරා ගැනීම සඳහා නම් පවුලේ සියළු හඳහන් අත්‍යාවශ්‍ය වන්නේ නැත. ගෙදර මූලිකයාගේ කේන්ද්‍රයේ පවතින වර්තමානය හා අනාගතය පිළිබඳව හොඳින් බලා තේරුම් ගෙන ඊට අදාල රාමුවට එකඟවන පරිදි නිවැරදි නැකැත් යෝගයක් සකස් කරවා ගැනීම ඉතා නිවැරදිම ක්‍රමයයි.

තමන්ගේ මළ සෘතුව හඳුනා ගන්න

    ඕනෑම කෙනෙකු මේ මහ පොළොව මත කොයි රටක උපන්නත් එකී ජන්මියාට අදාලව වසරකට මාස තුනක කාලයක් මළ සෘතුව නම් වූ ඉතා ප්‍රහීණගත අව කාලයක් පවතින අතර එකී කාලය තුල නිවාස නැකතක් හෝ වෙනත් ආරම්භක කිසිම ක්‍රියාවකට යොමු වීමෙන් ද, සමස්ථ ජීවිත කාලයම අවුල් කර දමන ආකාරයේ අවාසනාවන්ත තත්වයන්ට ගොදුරු වීමට සිදු වේ. මේ වූ කලී ඉතා රහසිගතව භාවිතා කරනු ලබන ගුරු මුෂ්ඨියකි. රහසිගත ගුරු මුෂ්ඨියක් යනු සමස්ථ ජෝතිෂ්‍ය විෂයම ඉගෙනගෙන අහවර කළ අයට පමණක් අත්පත් කරදෙන විශේෂ රහස් පදයකි. ඉගෙනුම අහවර නොකළ අයට මෙබඳු රහස් මුරපද ලබා දීමෙන් හිතුවක්කාර නොපනත් කම් කිරීමට අවකාශ ඇත.

සඟවා තබාගත යුතු රහසක්

   තම තමන්ගේ මළ සෘතුව නම් වූ කාලය සඟවා තබා ගැනීම වැදගත් දෙයක් ලෙසට සැලකේ. අදාල මළ සෘතුව යෙදී ඇතිවිට අදාල ජන්මියාගේ වාසනා ගුණය අකර්මණ්‍ය බවට පත් වේ. එකී කාලය තුල එකී ජන්මියාගේ පරිහානිය උදෙසා සතුරන්ට නොයෙක් ක්‍රියා ආරම්භ කළ හැකිය.  මළ සෘතුවේ යෙදෙන ජන්මියාගේ නරක වේලාවක් සම්බන්ධ කොටගෙන සතුරන්ට පලිගැනීමේ අවස්ථාවන් නිර්මාණය කළ හැකි බැවින් තමන්ගේ එකී අව කාලය සඟවා තබාගෙන භාවිතා කිරීම ඉතා යහපත්ය.

හඳහනක් නැති අයට

   ඇතැම් අවස්ථාවලදී නොයෙක් හේතු මත හෝ නොසැලකිල්ල නිසා හෝ උපන් වේලාවක් නොදන්නා අය අපට හමු වෙති. කුමණ ආකාරයකින් හෝ උපන් කෙනෙකුට හඳහනක් තිබීම අත්‍යාවශ්‍යම කාරණාවකි. යම් කෙනෙකුට හඳහනක් නැත්තටම නැත්නම් ඔවුන් වෙනුවෙන්, ජන්ම දිනය ලබාගෙන දළ කේන්ද්‍රයක් හෝ සකස් කරදීමේ හැකියාවක් තිබේදැයි විමසා බැලිය යුතුය. කෙසේ වෙතත් ජෝතිෂ්‍ය විෂය තුල දීර්ඝකාලීන අත්දැකීම් ඇති කෙනෙකුට එබඳු කෙනෙකු සඳහා යම් සාධාරණත්වයක් ඉටුකර දීමේ ක්‍රම ද භාවිතා කළ හැකි වේ.

වැරදි ප්‍රතිපලයක්

   කෙසේ වෙතත් තමන්ගේ ජන්ම ග්‍රහ බලය පිළිබඳව යමක් විමසා නොබලා, තම බිරිඳගේ හෝ දරු දැරියන්ගේ කේන්ද්‍රවලට අනුගතව නැකැත් සෑදීම තුලින් අතිශය සංකීර්ණ හා වක්‍ර වූ අහිතකර ප්‍රතිඵල අත්පත් කරදීමට  ද හැකියාවක් ඇත. එබඳු කටයුතු ඉටුකිරීමේ දී බොහෝ ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුය.

අතරමග ඇණහිටින නැකත්

  ඔබ මහමග ගමන් බිමන් යන අතරතුර මගදෙපස පිහිටා ඇති ඉදිකිරීම් දෙස පරික්ෂාවෙන් බලන්න. අතරමග මුළුමනින්ම අතහැර දමන ලද ගොඩනැගිලි ඔබට දක්නට ලැබෙනවා ඇත. ඒ බොහෝ දේවල් සඳහා අතහැර දැමීමට තරම් බරපතල බාධා ඇතිවීමට බලපා ඇත්තේ කුමණ බලවේගයන් ද ?

  සමහරවිට මෙහිදී නඩුහබ නිසා නැත්නම් මිලමුදල් නොමැති වීම නැත්නම් පවුලේ කරදර හෝ උනන්දුවක් නොමැති වීම වැනි විවිධ හේතු කාරණා  ඒ සඳහා බලපෑම් ඇති කළ හැකිය.

  නකැත් සම්ප්‍රදාය තුල ඉතා නිවැරදි නැකැත් යොදා ආරම්භ කරණු ලබන කිසිම ගොඩනැගිල්ලකට කිසිදු ආකාරයක නිශ්පලත්වයක් ඇති කිරීමට අවකාශ යෙදෙන්නේ නැත. නැතිබැරි කම, සතුරු කරදර, නීති ප්‍රශ්න ආදි ප්‍රයෝගික කාරණාව කුමක් වුවත් ඒවා  ගලාගෙන ඒමට සැලසෙන්නේ වේලාවේ වැරැද්ද බවට මා මෙහිදී ඉතා නිර්භයවම ඒකාන්තයෙන්ම ප්‍රකාශ කරමි.

මහඟු පුණ්‍යයකර්මයක්

  ගෙයක් දොරක් ඉදිකිරීම වූ කලී මහඟු පුණ්‍ය කටයුත්තක් ලෙසට සැලකේ. තමන්ගේම  වුවත් දරු පවුලක් වෙනුවෙන් හටගත් අසීමිත මනුෂ්‍යත්වයකින් නිවසක් ඉදිකිරීමට පෙළඹීම නිසා සියළු අකුශල කර්මයන් තමන් කෙරෙන් පලවා හැරීමට මහඟු අවස්ථාවක් ස්වභාවයෙන්ම තමන්ට හිමි වේ. මේ මාහැඟි කුශලකර්මය  මෙහෙය වීම හෝ ආරම්භ කිරීම සඳහා ඕනෑම කැපකිරීමක් කිරීමට දැහැමි ජනතාව කටයුතු කරති. ඒ නිසා ගෙයක් දොරක් සාදා ගැනීමට අවශ්‍ය වූ විට නැණ නුවණින් සියල්ල විමසා බලා සුභ මුහුර්ථයක් සකස් කරගන්නා ලෙසට තරයේ ප්‍රකාශකොට සිටිමි.

  ඉතා කුඩා බීජයක් දැවැන්ත වෘක්ෂයක් බවට පත්වන්නේ මහපොළොවේ ආශිර්වාදයෙන්ය. සුබ නැකතකින් සිටුවන මුල්ගලක් මහා මන්දිරයක් බවට පත්වන්නේ මුහුර්ථ බලය නිසාය. මේ විශ්වාසනීයත්වය සතුව ඇත්තේ මහා විශ්වයටය. මේ විශ්වයේ සැඟව පවත්නා මුහුර්ථ බලයන් තුලින් ඔබේ දෛවය රසාලිප්ත කර ගැනීම සඳහා ඔබට හැකි වේවායි.! අප ඔබට සුබ පතන්නෙමු.

                                      ඔබට සම්මා සම්බුදු සරණයි...!

කොත්මලේ සෙනෙවිරත්න“ඉරණමලංකා”

 

සුභ නැකැත් යෝග පිළිබඳව තවදුරටත් කරුණු බලාපොරොත්තු වන්න..... »»»»»

 

 

 

 

 

‹ පෙර 1 පසු ›